අප්‍රේල් 21 විසි එක් වන දින සිදුවූ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය පිළිබඳව ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශ කිරීමට මේ වනවිට පොලිස්පති පූජිත ජයසුන්දර සූදානම් වෙමින් සිටින බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමටඇත.
මේ වන විටත් අධිකරණ වෙත ඉතා රහසිගතව භාරදී ඇතැයි කියන ප්‍රකාශයක් පිළිබඳව ඉදිරි දින කීපය තුළදී පොලිස්පතිවරයා අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කිරීමට සූදානම් වේ. මෙය එසේ එය සිදුවූවොත් පොලිස්පති පූජිත සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට තොණ්ඩුව දැමීම කුරුමානම් බැලූ මෛත්‍රිපාල සිරිසේනට ම තොණ්ඩුව වැටෙන බව ඒකාන්තය.
පොලිස්පති පූජිත් ජයසුන්දරගේ මෙම ප්‍රකාශයෙන් මේ වන විටත් පැජට් පාර දෙදරුම් කා ඇති බවත් දැන ගැනීමට ඇත.
හෙමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරයක් එල්ල වීමට පෙර සිටම ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කටයුතු භාරව ක්‍රියා කරන ලද එම නිලධාරීන් පුද්ගලිකවම සහරාන් පසුපස යමින් සියලු විමර්ශන සිදුකළ අවස්ථාවක මමෛත්‍රිපාල සිරිසේන විසින් පුද්ගලිකවම මැදිහත් ව සහරාන්ට නිදහසේ සියලු කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබාදී ඇති බව මේ වනවිටත් සියලු විමර්ශනයන් වලින් හෙලිවී ඇත.
මේ පිළිබඳව රටේ ජනතාවට සත්‍යය දැන ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙන නමුත් වර්තමාන ජනාධිපතිවරයා මැතිවරණයකදීම ජනතාවට කියා සිටියේ ප්‍රහාරය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකොට කුමන තරාතිරමක කෙනෙකු හෝ නීතිය ඉදිරියට ගෙන යෑමට කිසිසේත් පසුබට නොවන බවයි. මේ වන විට පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනා මෙම ප්‍රහාරයට වගකිවයුතු යැයි මෛත්‍රි පුජිත් හා හේමසිරි බිල්ලට දුන්නේ දප්පුලු හරහාය.
ඒත් අද දප්පුලු එදා දප්පුලු නොවන බවත් මෛත්‍රි මතකතබාගත යුතුය. මෛත්‍රිපාල සිරිසේන මෙම ප්‍රහාරය දැන දැනත් රටින් බැහැරව තම වගකීම ඉටු නොකර සිටි බවට එම ප්‍රහාරයෙන් පසු විමර්ශනය සිදුකරන ලද පාර්ලිමේන්තු විමර්ශන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වර්ෂනය වී හෙළිවී ඇති බවත් ඒවා සාක්ෂි සටහන් කර තිබෙන බවත් මේ වන විට තොරතුරු ලැබෙමින් පවතී.
කෙසේ නමුත් ඉදිරි දින කීපය තුල පුජිත හා හේමසිරි ගේ ප්‍රකාශ වලින් මෙතෙක් තමා ජනතාව එල්ල මැරීමට ගිය කබයේම තොන්ඩුව තමා ගේ ගෙලට වැටෙන යන බවනම් මෛත්‍රි ඉතා හොදින්දනී.
ඒත් ගෝඨා වෙනුවෙන් මෛත්‍රි කරතිබෙන උපකාර වලට ගෝඨා ගේ ප්‍රතිචාරය කුමක් වන්නේදැයි අපි බලා සිටිමු.
අජිත්…….