උණුසුම් පුවත්

M.C.C. ගිවිසුම ඡන්දෙන් පසුව අත්සන් කරන බවට ආණ්ඩුව අමෙරිකාවට පොරොන්දුවේ.

Spread the love

 ජනාධිපති මැතිවරණ කාලසීමාවේදී මහත් ආන්දෝලනයක් ව පැවැති අමෙරිකාවේM.C.C. ගිවිසුම වර්තමාන ගෝඨාභය ආණ්ඩුව විසින් පිළිගෙන ඇති බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපවෙත දැනගැනීමටඇත.

මෙම ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට  තානාපතිවරුන් හමු වූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ පිළිබඳව ලංකාවේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එම ගිවිසුම අත්සන් කිරීමට තීරණය කර ඇති බවයි.  ඒ බව ලිඛිතව  ඇමරිකා එක්සත් ජනපදයට මේ වනවිට දැනුම් දී ඇති බව අපි මීට පෙර අපගේ ප්‍රවෘත්තියකින් ජනතාව වෙත ඉතා පැහැදිලිව දැනුම්දී ඇත.

එම ගිවිසුම  ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය සහ ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට විශාල හානියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වර්තමාන ඇමති උදය ගම්මන්පිල්ල සහ විමල් වීරවංශ විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කළ නමුත් මේ වන විට ඔවුන් පවසා සිටින්නේ එම ගිවිසුම ඉතාමත්ම හිතකර වූ ශ්‍රී ලාංකීය ආර්ථිකයට විශාල පිම්මක් ඉදිරියට පැන හැකි ගිවිසුමක් බව මේ වන විට ඔවුන් අවබෝධ කරගෙන සිටින බවයි .

 අප දුරකථනයෙන් බන්දුල ගුණවර්ධන  ඇමැතිවරයා එසේ ම පොහොට්ටු සංවිධානයේ ආර්ථික විශ්ලේෂණ සංවිධානයේ කැඳවුම්කරු වශයෙන් ක්‍රියාකළ ඔහුව සම්බන්ධ කොටගෙන මේ M.C.C. ගිවිසුම පිළිබඳව විමසීමේදී ඔහු කියා සිටියේ එම ගිවිසුම තුළ බැහැර කලහැකි කිසිවක් නැති බවත් එම ගිවිසුමේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබාදීමට ගෝඨාභය ජනාධිපති තුමන් ක්‍රියා කරන බවයි.  ජනාධිපතිවරයා පත්කරන ලද කමිටුවේ  එනිසා ඉදිරියේදී මෙම ගිවිසුම පිළිබඳව තීරණයක් ගෙන ඒ පිළිබඳව ජනතාවට ලැබිය යුතු ආර්ථික ප්‍රතිලාභ ඉතා ඉක්මනින් කඩිනමින් ලබාදීමට රජයක් වශයෙන් ක්‍රියා කිරීමට සූදානම් බව බන්දුල ගුණවර්ධන පවසා සිටියා.

ලංකාවේ ඉඩම් ප්‍රතිපත්තිය පිළිබඳව  කෑගැසූ ගම්මන්පිලලා විමල් වීරවංශලා මේ වන විටM.C.C. ගිවිසුම ශ්‍රී ලංකා ආර්ථිකයට මහත් රුකුලක් බව පවසමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම් බව මේ වන විට අප ඉතා වගකීමෙන් කියා සිටින්නේ අප වෙත ඉතාමත් ම විශ්වාසදායක තොරතුරු මේ වන විටත් ලැබී ඇති නිසාය .

ඉදිරි දෙසතිය ඇතුළත අමෙරිකා එක්සත් ජනපදයට මේ සම්බන්ධයෙන් ස්ථිර වශයෙන් ම දැනුම් දීමටත් ඒ සඳහා දිනයක් නියම කර ගැනීමටත් කටයුතු කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැන ගැනීමට ඇත.

 රටේ ජනතාව ගොනාට අන්දමින් ජනතාව නොමග යවමින් රට බෙදෙනවා යයි හඬක් නැගූ පොහොට්ටු පක්ෂයම ගෝඨාභය ජනාධිපතිවරයා අතින් ගිවිසුම අත්සන් කර වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එක්තරා දෛවෝපගත සිද්ධියක් වෙනවා නොවන නොවනු මානයි.

06/2000


Spread the love

Leave a Comment

You may also like