උණුසුම් පුවත්

හිටපු ජනාධිපති කාර්‍ය්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් සියළු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කරයි.

Spread the love

ලිට්ටෝ ගෑස් සමාගමට අයත් රුපි. මිලියන 500 ක මුදල්
සාපරාධි සාවද්‍ය පරිහරණය කලේ යයි චෝදනා කොට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති කාර්‍ය්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකුට කොළඔ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවාරාතිබුණි.

පුරා දින 51 දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව අද දින එම තීන්දුව ප්‍රකාශ කලෝය. ලිට්ටෝ සමාගමට අයත් රුපි.මිලියන 500 මුදලක් කැන්ඩිල් හෝල් ඩින් සමාගම හරහා සෙලින්කෝ සමාගමේ කොටස් මිලට ගෙන තිබීම පිලිබදව මෙසේ චෝදනා වට ලක්වී තිබුණි.

එහෙත් මේ මුදල්විත්තිකරුවන් රුපියල් මිලියන 500 කිසිදු සාපරාධි කටයුත්තකට හෝ පුද්ගලික කටයුත්තකට යොදා ගෙන තිබෙන බවට පැමිණිල්ල ඔප්පු කොට නොමති නිසාම මෙම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරණ බවයි.

ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරුවරයා පැය දෙක හමාරක නඩුතීන්දුවක් ප්‍රකාශයට පත්කරමින් ගාමිණි සෙනරත්යාපා ඇතුළු විත්තිකරුවන් සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කලෝය.


Spread the love

Leave a Comment

You may also like