උණුසුම් පුවත් උණුසුම් පුවත්

රුසියන් ජනපති අතින් ශ්‍රී ලාකිකයකුට ගෞරව සම්මානයක් පිරිනැමේ

Spread the love

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික,සංස්කෘතික,හා ආර්ථික සබඳතා 

අගැයීම සඳහා රුසියානු සමූහ ආණ්ඩුව විසින් විදේශීය සිවිල් පුරවැසියෙකුට  දෙන ඉහළම ගෞරවණීය සම්මානයක් වන මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ වෙත පිරි නමා තිබේ.දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව රුසියාව සමඟ මිත්‍ර සබඳතාවන් පවත්වා ගෙන යාම වෙනුවෙන් වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ ඉටු කරන ලද සේවය ඇගයීමට ලක් කිරීම සඳහා ඔහු වෙත මෙම ගෞරව සම්මානය පිරිනමා ඇත්තේ රුසියානු ජනපති පුටින් විසිනි.

මෙහිදී රුසියනු ජනපති පුටින් ප්‍රකාශ කර ඇත්‍තේ ⁣වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ ශ්‍රී ලංකාව හා රුසියාව අතර මිත්‍ර සබඳතාවන් 

ශක්තිමත් කිරීම සඳහා වි⁣ශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරමින් සිටින ශ්‍රී ලාංකික පුරවැසියකු බවය.   

වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ 2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙසද කටයුතු කර තිබේ.ඔහු          මොස්කව්හි  වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකි.

මේ වන විට වෛද්‍ය  සමන් රංජිත් වීරසිංහ

ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්ව සංඟමයේ මහ ලේකම් වරයා ලෙසද කොළඹ රුසියානු භූගෝලීය සංඟමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරමින් සිටී.                                                                                                        


Spread the love

You may also like