උණුසුම් පුවත් උණුසුම් පුවත්

ගම්මන්පිලගේ අත කොලුවක් ප්‍රංශ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පත් කෙරේ

Spread the love

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්⁣යාලයේ පළමු ලේකම් වරයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි බලකායේ කර්නල් ඒ.සී.උඩවත්ත නම් නිළධාරියකු යැවීමට ගෙන ඇති තීරණය හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ගේ යටි කූට්ටු සැළසුමක් බව අනාවරණය වේ.ප්‍රංශයේ මේ වන විට උදය ගම්මන්පිල ගේ දේශපාලන සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරන විමල් බණ්ඩාර නැමැත්තා එම කර්නල් වරයා ප්‍රංශයට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් පොළඹවා ගෙන ඇති බවද දැන ගැන්මට තිබේ.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය දූත මණ්ඩලය වෙත ශ්‍රී ලංකාවෙන් ⁣යවන ඕනෑම තරාතිරමේ නිළධාරියකු පිළිබඳව ජාතික රහස් ඔත්තු සේවාව මගින් පසුබිම් වාර්තාවක් විදේශ කටයුතු අමාත්‍යංශයට ලබා ගැනීම සිදු කෙරේ.

එහෙත් කර්නල් උඩවත්ත පිළිබඳව ජාතික බුද්ධි සේවාව මගින් සපයන ලද  බුද්ධි වාර්තාව ජාතික බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ වරයාට නොදන්වා රහසිගතව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවද අනාවරණය වේ.මේ බුද්ධි තොරතුරු වාර්තාව ජාතික බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් නොකර විදේශ කටයුතු අමාත්‍යංශය වෙත යවා ඇත්තේ ජාතික බුද්ධි සේවාවට සම්බන්ධ උදය ගම්මපිල හා හිතවත් සහකාර පොලිස් අධිකාරීවරයකු බවද පැවසේ.

ප්‍රංශයේ ⁣උදය ගම්මන්පිලගේ දේශපාලන සංවිධාන කටයුතු කරමින් සිටින විමල් බණ්ඩාර නැමැත්තා කර්නල් උඩවත්ත ප්‍රංශ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් වරයා ලෙස ගෙන්වා ගැනීමට සිඳු කරන ලද කුමන්ත්‍රණ කාරී සැළසුම පිටුපස ජාජබ ආණ්ඩුවට ⁣එරෙහිව දේශපාලනයේ නිරත විශ්‍රාමික හමුදා ඡ්‍යෙෂ්ඨයන් පිරිසක්ද සිටින බවට වාර්තා වී තිබේ.සැබැවින්ම මෙය මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බලපාන සිද්ධියක් ලෙස ගලපා ගත හැකිය.ඒ ජාතික බුද්ධි සේවා⁣වේ අධ්‍යක්ෂවරයා පවා නොමග යවමින් රාජකාරි කරන්නන් ජාතික බුද්ධි සේවාවට සම්බන්ධව සිටින බව ඉන් තහවුරු වන නිසාය.

කෙසේ වෙතත් ප්‍රංශයේ සිටින ජාජබ ක්‍රියාකාරිකයන් බොහෝ දෙනෙකු විදේශ කටයුතු අමාත්‍යංශය ගෙන ඇති මේ තීරණය සම්බන්ධයෙන් විමතිය පල කර සිටී.


Spread the love

You may also like