උණුසුම් පුවත් උණුසුම් පුවත්

ජනපති අනුරටත් වංගු ගහන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමති උපදේශකයා

Spread the love

පසුගිය කාලයේ ගල්කිස්ස පොලිස් මූලස්ථානයේ සේවය කළ පොලිස්  කොස්තාපල්වරයකු පොලීසියේ ටී පනස් හය අවියක් පාතාලයට අලෙවි කරන ලද බවට වාර්තා විය.ගිණි අවිය පාතාලය⁣ට අලෙවි කළ පොලිස් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවකු බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.ගල්කිස්ස පොලිස් ස්ථානයේ ඒ වන විට ස්ථානාධිපතිවරයා වූයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරාය.⁣සිය පොලිස් ස්ථානය නැතිවූ ගිණි අවිය සොයා ගැනීම සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා පෞද්ගලිකවම ඩුබායි ගොස් ඔහු හා සම්බන්ධකම් පවත්වන ප්‍රබල පාතාල 

ක්‍රියාකාරිකයකු හමුවූ බවත් ඉන් අනතුරුව නැතිවූ ගිණි අවිය ගල්කිස්ස ප්‍රදේශයේ කුණු කානුවක තිබී සොයා ගන්නා ලද බවත් අප වෙත දැන ගැන්මට ලැබුණි.ප්‍රධාන පොලිස්පරීක්ෂක දිලීප⁣ පෙරේරා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතා පවත්වාගෙන යන අයෙකි.ඔහුට නිවස තනා ගැනීම සදහා බෙල්ලන්විල ප්‍රදේශයෙන් ඉඩම් කැබැල්ලක් දී තිබුණේද ප්‍රසිද්ධ හෙරොයින් ජාවාරම්කරුවෙකි.ගිණි අවිය අලෙවි කරන ලද පොලිස් කොස්තාපල් වරයා වෙනත් පොලිස් ස්ථානයක සේවයේ නිරත වන විට ගල්කිස්ස පොලීසියට ස්ථාන මාරුවීමක් හදා දෙන ලද්දේද ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා බවටද හෙළිවී තිබුණි.

කෙසේවෙතත් ගල්කිස්ස පොලීසියේ සිදුවූ මෙම ගිණි අවි ජාවාරම ජනපති අනුර දිසානායක විසින් ⁣රැස්වීම් කිහිපයකදීම ජනතාව වෙත හෙළි දරව් කෙරුවේ  ඒ සිද්ධියට සම්බන්ධ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට විනයානුකූලව දඩුවම් කළ බව මහත් උජාරුවෙනි.එහෙත් අප දන්නා ආකාරයට ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයාට කිසිදු දඬුවමක් ලැබී නැත.ඔහු ගල්කිස්ස ⁣පොලීසියෙන් ස්ථාන මාරුවක් ලබා කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස වැඩ බාර ගන්නා ලද්දේ ⁣මහජන ආරක්ෂන අමාත්‍යංශයේ උපදේශක ඩී.එල්.ආර්.රණවීරගේ මැදිහත්වීමෙනි.⁣මේ වන විට කොටුව ජනපති මන්දිරය පවා ඇත්තේ කොටුව පොලිස් ස්ථානාධිපති ⁣ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා යටතේය.

අපට දැන් ප්‍රශ්ණය ඇත්තේ ජනපති අනුර දිසානායක මහජන රැස්වීම් වලදී ගල්කිස්ස පොලීසියේ ගිණි අවිය නැතිවීමට සම්බන්ධ පොලිස් නිළධාරීන්ට එරෙහිව දඬුවම් කළ බවට ආඩම්බරයෙන් පවසද්දී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක රණවීර ජනපතිවරයාටත් කොකා පෙන්වා සිය අභිමතයට වැඩ රාජකාරි කරන බවට තහවුරු කිරීමට මේ සිද්ධිය හොඳටම සෑහේය.අප මහත් විශ්වාසයකින් බලයට පත් කරන ලද ජාජබ ආන්ඩුවේ වැඩ වෙන්නේ ඔහොමය.ඒ වැඩ හරියටම දකුණු අත කරන දේ වම් අත නොදන්නවා වාගේය. 


Spread the love

You may also like