උණුසුම් පුවත් උණුසුම් පුවත්

නිලන්ත ජයවර්ධනට එරෙහිව නඩු පැවරීමට නීතිපති සූදානම්

Spread the love

ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ලද විමර්ශනයේ වාර්තාව නීතිපති කාර්යාලය ලබා දෙන ලෙසට ඉල්ලීමක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

නීතිපති කාර්යාලය නුදුරේදී අපරාධ පරීක්ෂණ⁣⁣ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඒ ඉල්ලීම සිදු කිරීමට නියමිතය.ඉන් අනතුරුව ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

පාස්කු ඉරිදා දින සිදු කළ බෝම්බ ප්‍රහාරයේ බුද්ධි තොරතුරු වසන් කිරීම හේතුවෙන් මේ වන විට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වැඩ තහනමකට ලක් වී සිටී.


Spread the love

You may also like