උණුසුම් පුවත් උණුසුම් පුවත්

පිල්ලෙයාන් දේශපාලන ⁣සුනාමියක් වීමට ඉඩ තිබේ

Spread the love

හිටපු අමාත්‍ය පිල්ලෙයාන් අත් අඩංගුවට ගැනීමත් සමගම සමාජ මාධ්‍ය තුළ ඔහුට එරෙහිව නැගෙන චෝදනාවන් අතර පසුගිය යුද සමයේ කැබිලිතිගොල්ලෑව 

ප්‍රදේශයේදී බස් රථයකට එල්ල කරන ලද මෙලේච්ඡ ප්‍රහාරයට ඔහු සම්බන්ධ යැයි කියවෙන චෝදනාවද වේ.ප්‍රදේශයේ ජනතාව ගමන් කළ බස් රථයක් එල්ල කරමින් ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මේ ප්‍රහාරයෙන් මිය ගිය අතර තුවාල ලද පිරිස ආසන්නය.⁣ මෙරට සමාජය බලවත් කම්පනය⁣ට ලක් කරවන සිදුවීමක් වූ එම ප්‍රහාරය සිදු වූ ස්ථානයට එවකට ජනපති මහින්ද රාජපක්ෂ යාම මාධ්‍ය විසින් ඉතා උත්කර්ෂවත්ව වාර්තා කෙරිණි.

කුඩා දරුවන් ඇතුළු 70 දෙදෙනෙකු මෙම මේලේච්ඡ ප්‍රහාරයෙන් ඝාතනය වූ අතර බරපතල ලෙස තුවාල ලැබූ සංඛ්‍යාව 

65 දෙනෙකු වේ.මෙම ප්‍රහාරයේ වගකීම එල්ටීටී සංවිධානය විසින් බාර නොගැනීම විශේෂ සිදුවීමකි.කැබිලිතිගොල්ලෑව බෝම්බ ප්‍රහාරය සම්බන්ධව හිටපු එල්ටීටී ක්‍රියාකාරිකයකු වූ මහාලිංඟම් මුත්තුලිංඟම් පසුව අඩංගුවට ගන්නා ලදී.

එහෙත් ඔහු පවසන ලද ආකාරයට    කැබිලිතිගොල්ලෑව බස් බෝම්බ ප්‍රහාරය එල්ටීටිය මැදිහත් නොවූ හුදකලා ප්‍රහාරයක් බව අනාවරණය විය.ඒ වන විට කරුණා හා පිල්ලෙයාන් කණ්ඩායම එල්ටීටියෙන් කැඩී රාජපක්ෂ වරුන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් තිබුණි.

අප මෙම බෝම්බ ප්‍රහාරය පිළිබඳව ලංකා  දවස වෙත ලැබුණ අතිශය රහසිගත තොරතුරක් මීට අවුරුදු ගණනකට පෙර වාර්තා කර තිබේ.එම රහසිගත තොරතුර වූයේ කැබිලිති 

ගොල්ලෑව බෝම්බ ප්‍රහාරයට පෙර එහි යාම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගුවන්ගත වූ බවට සඳහන් තොරතුරයි.⁣ඉන් හෙළිදරව් වූ තොරතුරු අනුව එම බෝම්බ ප්‍රහාරයට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කැබිලිතිගොල්ලෑව යාම සදහා කොළඹින් ගුවන් ගත වී ඇති අතර බෝම්බ ප්‍රහාරය සිදු වී ඇත්තේ ඔහු ගුවනේ සිට්ද්දීය.ඒ නිසාම බෝම්බ ප්‍රහාරය සිදු වී විනාඩි ගණනකින් ඔහු හට එම ස්ථානයට යාමට හැකි විය.

හිටපු ජනපතිවරයා ගේ එම ගමන හා බෝම්බ පිපිරීම සම්බන්ධව බරපතල 

සැකයක් මතු වීමට බොහෝ හේතු කාරණා මතු වූයේ ලංකා දවසට ලැබුණ ඒ තොරතුරත් සමගය.මේ වන විට පිල්ලෙයාන් කැබිලිතිගොල්ලෑව බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා නැගෙමින් පවතී.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නේ නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එදින කැබිලිතිගොල්ලෑව ප්‍රදේශයට යාම සදහා ගුවන් හමුදා හෙලිකොප්ටරය⁣ට ගොඩ වූ කාල වේලාවන් ගැන විමර්ශනය කළ යුතුය.

ඒ සම්බන්ධයෙන් ලංකා දවසට ලැබුණ එම රහසිගත තොරතුර නොතකා හැරිය යුතු නැත.එදින ගුවන් හමුදා රාජකාරීන් විමර්ශනය කිරීමෙන් එහි සත්‍ය අසත්‍යතාව අනාවරණය කර ගත හැකිය.

කැබිලිතිගොල්ලෑව බස් ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට තවත් බොහෝ සැක සහිත කරුණු මතුවේ.එහිදී  මහින්ද රාජපක්ෂගේ එදින හැසිරීම අධි රංඟනයක් දැයි සිතෙන තරමට සැකයක් ඇතිවේ.එම සැකය වඩාත් තහවුරු වන්නේ පිල්ලෙයාන් හා කරුණා ඒ වන විට එල්ටීටියෙන් කැඩී රාජපක්ෂවරුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමය.මේ වන විට අත් අඩංගුවේ පසුවන පිල්ලෙයාන් මෙරට දේශපාලනයේ සුනාමියක් වන ලකුණු නිර්මාණය වෙමින් පවතින්නේ මේ පසුබිම තුළය.


Spread the love

You may also like