උණුසුම් පුවත් උණුසුම් පුවත්

කොස්ගොඩ පොලීසිය දෙන්නෙක් සැකකරුවෙක් ගේ මුදල් පැහැරගෙන

Spread the love

ඊයේ (29) කොස්ගොඩ පොලිස් වසමේ පොල්වත්ත දූව මෝදර ප්‍රදේශයේ සූදු පිටියක් වැටලීමට ගිය උප පොලිස් පරීක්ෂක උදාර හා පොකො චතුරංග යන දෙදෙනා එම සූදු පිටියේ සිටි අයෙකු පමණක් අත් අඩංගුවට ගෙන පොලීසිය⁣ට රැගෙන විත් කසිප්පු පානය කර ඉන් ප්‍රමාණයක් ලඟ තබා ගත්තේ යැයි චෝදනා කරමින් අධිකරණයේ නඩුවක් පවරා තිබේ

රූමත් විද්‍යාරත්න නම් වූ මේ පුද්ගලයා  කිසි දිනක මත් ද්‍රව්‍ය පානය කරන අයෙක් බව පැවැසේ.සූදූ පිටියේ සූදූ කෙලීමෙන්  හිමි කරගත් ලක්ෂ දෙකකට  ආසන්න මුදලක් පොලිස් අත් අඩංගුවට පත්වීමේදී ඔහු සන්තකයේ තිබී ඇත.සූදු පිටියේ සිටි අනෙකුත් පුද්ගලයන් මුදා හැර මේ පුද්ගලයා පමණක් පොලීසියට රැගෙන විත් ඔහු සන්තකයේ තිබූ මුදල් සියල්ල පැහැර ගත් එම පොලිස් නිළධාරීන් ඔහුට එරෙහිව  බොරු නඩුවක් දමා තිබේ.තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳව රූමත් විද්‍යාරත්න ⁣පොලිස්පති සහන මැදිරිය⁣ට පැමිණිලි කර තිබේ 


Spread the love

You may also like