හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ පෞද්ගලික ලේකම් වරයා සංජීව බස්නායක මහයියාව පිහිටි නිවසකදී වෙඩි වැදී මිය ගොස් සිටින බව වාර්තා වේ.සංජීව බස්නායක විසින් සිය දිවි නසා ගැනීම සඳහා වෙඩි තබා ගත්තාද එසේ නැතහොත් වෙනත් පාර්ශවයකින් වෙඩි තබා ඔහු ඝාතනය කරන ලද්දේද යන්න තවමත් තහවුරු වී නැත.
මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණයට ඒමට මෘත දේහය හා එහි තිබූ පිස්තෝලයක් මරණය සිදුවූ ස්ථානයෙන් ඉවත් කර තිබූ බව දැන ගැන්මට තිබේ.එම සිදුවීම මෙම මරණය සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවේ.
ලොහාන් රත්වත්ත හිටපු අමාත්‍යවරයා ගේ පෞද්ගලික ලේකම් වරයා වූ සජීව බස්නායක හිටපු ඇමතිවරයා විසින් සිදු කරන ලද බොහෝ අපරාධ ගැන දැනුවත්ව සිටි බවත් ඔහු එම අපරාධ ගැන අනාවරණය කිරීමට සූදානම්ව සිටි බවටද තොරතුරු අනාවරණය වේ.අධික ලෙස මත්පැන් පානය කරන හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්ත සිය නිල පිස්තෝලය පෙන්වා විවිධ ග අවස්ථා වලදී පොදු සමාජයේදී
තර්ජනාත්මකව හැසිරුණ බවට වූ චෝදනා බොහොමයකි.මත් පැන් පානය කිරීමෙන් පසුව මොහු ඉතා විකෘති හැසිරීමකින් යුතු පුද්ගලයෙක් බවද වාර්තා වේ.
සිය පෞද්ගලික ලේකම් වරයා ගේ ඝාතනය ලොහාන් රත්වත්ත හිටපු අමාත්‍යවරයා සම්බන්ධ බවටද බොහෝ දෙනා සැක කරයි.අනුර කුමාර දිසානායක මෙරට ජනපති ධුරයට පත් වීමත් සමගම ඔහු අතුරුදන් වී ඇති බව පැවසේ.