උණුසුම් පුවත් උණුසුම් පුවත්

පෝරිසාද ටිරාන් හා දේශබන්දුට එරෙහිව නීතිය වහා ක්‍රියාත්මක කරනු

Spread the love

පසුගිය වස⁣රේ ඔක්තෝම්බර් 28 වන දින රාත්‍රියේ කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න පොලිස් ඇප මත මුදා හැරිය වරදකට බන්ධනාගාර ගත කිරීම හිටපු නීතිය හා සාමය බාර අමාත්‍ය ටිරාන් අලස් හා හිටපු ⁣පොලිස්පති දේශබන්දු ගේ කුමන්ත්‍රණකාරී සැළසුමක් මත සිඳු කරන ලද අනීතික ක්‍රියාවක් බව පොලිස් විමර්ශන ඒකකය මගින් මේ වන විට පවත්වන විමර්ෂණ වලදී අනාවරණය වී තිබේ.

⁣එම කාලයේදී පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන සී.ඩී.වික්‍රමරත්න විසින් මේ සිද්ධිය පිළිබඳව සටහන් තැබූ සටහන් පොතක් පොලිස් විමර්ෂණ අංශයේ බාරයට ගත් බවද මෙහිදී වාර්තා වේ.⁣කෙසේ වෙතත් මේ විමර්ෂණ අතරමග නවතීද යන්න ගැන අපට සැකයක් පවතී.ඒ ජාතික ජන බලවේගය⁣ට ඡන්දය දුන් අය අතරද පාදඩ ටිරාන් අලස් යනු  ජාජබයේ නායකයන්ගේ හුරතල් සමීපතමයකු බවට මතයක් ගොඩ නැගී ඇති බැවිනි.

⁣හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න පොලීස් සේවාවේ රාජකාරි කළ  කීර්තිමත් පොලිස් නිළධාරියකු බැවින් ඔහුට අගතියක් නොවන ආකාරයට පොලිස් ඇප මත මුදා හරින ලෙස පොලිස්පතිවරයා එදින රාත්‍රියේ බම්බලපිටිය පොලිස් ස්ථානාධාපති වරයාට හා එම ප්‍රදේශය බාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරයාට දුරකථනයෙන් උපදෙස් දී තිබේ.මෙහිදී

එම නිළධාරීන් දෙදෙනා පොලිස් පති වරයා වෙත පවසා ඇත්තේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් රවි සෙනෙවිරත්න බන්ධනාගාර ගත කරන ලෙසට බලපෑම් කරන බවය.ඉන් අනතුරුව හිටපු නීතිය සාමය බාර ඇමති ටිරාන් අලස් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙත තර්ජනාත්මකව බලපෑම් කර ඇත්තේ මේ සිදුවීමට මැදිහත් නොවන ලෙස හා දේශබන්දු තෙන්කෝන්ගේ නියෝග අනුව වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති වරයාට කටයුතු කිරීමට ඉඩ හරින ලෙසය.

ටිරාන් අලස් ගේ හා දේශබන්දුගේ බලපෑම මත,පොලිස්පතිවරයාගේ නියෝග පවා නොතකා රවි සෙනෙවිරත්න බන්ධනාගාර ගත කිරීම⁣ට මෙහිදී පොලිසිය ක්‍රියා කරන ලදී.

ටිරාන් අලස් ගේ නම කියවෙන විට වචන පැටලෙන වසන්ත සමරසිංහලාට දැන් මේ සිදුවීම ගැන කට පුක වසා ගෙන සිටින්නට බැරිය.මේ වන විට  නීතිය හා සාමය බාර අමාත්‍යංශයේ ලේකම් හිටපු ⁣නියෝජ්‍ය පොලිස් පති රවි සෙනෙවිරත්නය.පසුගිය කාලයේ පොලිස් බලය පෝරිසාද ආකාරයට යොදා ගත් ටිරාන් අලස් හා දේශබන්දු තෙන්නකෝන් ගේ පාදඩ ක්‍රියා කළාපය තහවුරු කිරීමට මේ සිද්ධිය හොඳටම ප්‍රමාණවත්ය.මේ පාදඩයන් දෙදෙනා මෙරට පුරවැසියකු අනීතිකව හිංසනය⁣ට ලක් කර ඇත්තේ එවකට සිටි පොලිස්පතිවරයාට පවා තර්ජනය කරමිනි.ඒ පුරවැසියාද පොලිස් සේවාව  තුළ කීර්ති නාමයක් අත් කරගෙන සිටි පොලීසියේ රාජකාරි කළ විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පොලිස්  නිළධාරියකු වේ.එවැනි පුද්ගලයකු වෙත බලහත්කාරීව නීතිය අව භාවිතාවේ යෙදවූ ටිරාන් හා දේශබන්දු පෝරිසාද ඩබලගේ මදාවි කෙරුවාව පිළිබඳව තවදුරටත් ජාතික ජන බලවේගයේ නායකයන් නොදැක්කා සේ සිටී නම් අපට ලියන්නට ඇත්තේ ආණ්ඩුවට බුදු සරණයි කියා පමණය.නැතහොත් ටිරාන් අයියා තවදුරටත් හුරතල් කරනවාද නැද්ද යන්නත් නැතිනම් කරන ලද මෙවැනි කුපාඩි මදාවිකම් වලට නීතිය ක්‍රියාත්මක කරන⁣වාද නැද්ද යන්න ගැන මේ රටේ ජාජබයට හිතැති පුරවැසියන් බොහෝ දෙනා දැන ගැනීමට ඉතා කැමැත්තෙන් සිටී.


Spread the love

You may also like