චේබතිය බේගල් පවසා රට තුළ දේශපාලනික අර්බුද ඇති කරන නාමල් කුමාර නැවත එළියට පැමිණ සිටී.
මොහු එසේ මෙසේ පුද්ගලයකු නොවේ.
ඔහු සමාජ ගත කරන්නේ චේතිය බොරු වුවද ඉන් දේශපාලන භූමිය බරපතල ලෙස කම්පනයට වූ අවස්ථාවන් පැවැති බව අමතක කළ යුතු නැත.යහපාලනය
පැවැති අවදියේ ජනපති මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කරන බවට ප්‍රබන්ධයක් නිර්මාණය කර සමාජයට මුදා හරින ලද්දේ මේ නාමල් කුමාරය.
ඒ ප්‍රබන්ධය නිසාම මෙරට දේශපාලන භූමිය තුළ සිදු වූ කම්පනය ධාරාවෙන් බියට පත්වූ මෛත්‍රීපාල සිරිසේන විසින් රාජපක්ෂ නැවත අග්‍රමාත්‍ය ධුරයට පත් කරන ලදී.නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත් අඩංගුවට ගැණිනි.එහෙත් පොලිස් පරීක්ෂණ වලදී මෙය නාලක කුමාර විසින් නිර්මාණය කළ අසත්‍ය ප්‍රකාශයක් බව අනාවරණය විය.
කෙසේ වෙතත් මෙරට දේශපාලන භූමිය තුළ ආන්දෝලනාත්මක ඝට්ටනයකට හේතු වූ අසත්‍ය තොරතුරු සමාජගත කළ නාමල් කුමාරට එරෙහිව නීතිය මගින් මෙතෙක් කල් කටයුතු නොකිරීම පවා විමතියට කාරණයකි.ඉන් තහවුරු වන්නේ නාමල් කුමාර යනු හුදකලා පුද්ගලයකු නොව මෙරට දේශපාලන ක්ෂේත්රයේ පුබලයකු හෝ නැතහොත් පුද්ගල කණ්ඩායමක් මෙහෙයවන්නෙක් බවය.මෙම නාමල් කුමාරට යහපාලනය අවදිියේ ජනාධිපති කාර්යාලයේ වැටුප් ගෙවා ඇති බවටද හෙළිවී තිබේ.ඒ වන විට මොහු ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය බලකායට සම්බන්ධව සිටි බව පැවසේ.මේ මත්ද්‍රව්‍ය නිවාරණ බලකායේ සභාපතිවරයා වූ වෛද්‍ය වසන්ත සමරසිංහ පසු කාලයකදී විදේශගත විය.ඔහු විදේශගත වීමට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කර තිබුණේ මෙරට පාර්ලිමේන්තුවේ ඇමතිවරුන් ගණනාවක් හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවය.
නාමල් කුමාර ගුවන් හමුදා සේවයට එක්ව ඉන් පලා ගොස් ව්‍යාජ සහතික ඉදිරිපත් කරමින් යුද හමුදාවට එක් වී ඇති අතර පසු කාලයකදී යුද හමුදාවෙන්ද පලා ගිය සෙබළෙක් බව හෙළි විය.පසුව දූෂණ විරෝධී බලකාය නම් වූ සංවිධානයක අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස හඳුන්වා ගත් නාමල් කුමාර හුදකලා පුද්ගලයකු නොව විවිධ කාල පරාසයන්හීදී මෙරට දේශපාලන භූමියෙහි විවිධ අර්බුද ඇති කිරීම සඳහා යොදා ගන්නා දාම් ඉත්තෙක් බව තහවුරු වේ.
මොහු මේ වන විට මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ හිරු මාධ්‍ය ජාලයේ චමුදිත සමරවික්‍රම ඩුබායිහි සිටින පාතාල ක්‍රියාකාරිකයකු හරහා ඝාතනය කිරීමට ජාතික ජන බලවේගයට සම්බන්ධ වූවන් විසින් සැළසුම් කර ඇති බවය.චමුදිත සමරවික්‍රම යනු ජාතික ජන බලවේගයට එරෙහිව ඉතා අසික්කිත හා විකෘති තොරතුරු හිරු මාධ්‍ය ජාලය හරහා සමාජගත කරමින් සිට්න මාධ්‍යවේදියකු ලෙස පෙනී සිට්න නොසන්ඩාලයෙකි.මොහු හා ජාතික ජන බලවේගය අතර විරසකයක් පවතින බවට මෙරට ජනතාව තුළ අදහසක් පැතිරී තිබෙන්නට පවා ඉඩ තිබේ.එහෙත් පරිනත දේශපාලන භූමිකාවක් ඉටු කරමින් සිටින ජාතික ජන බලවේගය චමුදිත සමරවික්‍රමගේ උඩු බිරිල්ල තඹ දොයිතුවකට මායිම් නොකරන බවටද සැකයක් නැත.ඒ මන්ද යත් ජාතික ජන බලවේගයට සම්බන්ධ මුල් පෙලේ සාමාජිකයා වන ජනතා විමුක්ති පෙරමුණ ලෙයින් හා යකඩින් තෙම්පරාද වූ දේශපාලන පක්ෂයක් වන බැවිනි.
මීට පෙර කාලයකදී මෙරට බිලියන පතියකු වූ මේජර් සේනාධිපති සිය සියළු දේපල වැය කර හෝ ජනතා විමුක්ති පෙරමුණ මෙරටින් අතු ගා දමන බවට වහසි බස් පැවසූ බවද අපට මතකය.
මේජර් සේනාධිපතිට කරන්නට නුපුළුවන් වූ දේ වාචාල සිල්ලර චමුදිත සමරවික්‍රමට කරන්නට හැකි බව සිතීම පවා බඩ කොරවන තරමේ විහිළුවකි.
තව දවස් ගාණකින් හිරු මාධ්‍ය ජාලයේ අධිපති රෙනෝ සිල්වාටත් ඔහුගේ අසූචි ලෙව කමින් සිටින චමුදිත සමරවික්‍රමටත් මෙරට ජනතාව පිළිතුරු දෙන බව නිසැකය.
එහෙත් මේ හදිසියේ මතුවූ නාමල් කුමාර නාටකය ඉතා සිල්ලර නාටකයක් ලෙස නොතකා සිටීම ජාතික ජන බලවේගය මෙතෙක් අත් පත් කර ගෙන තිබෙන මහජන ප්‍රසාදය කෙරෙහි බරපතල අනතුරක් වන්නටද ඉඩ තිබේ.
නාමල් කුමාර ප්‍රකාශ කර ඇති ආකාරයට චමුදිත සමරවික්‍රමට කවරකු හෝ ප්‍රහාරයක් එල්ල කර එය ජාතික ජන බලවේගයට බැර කිරීමට ඉඩ පවතින නිසාය.ඇතැම් විට චමුදිත සමරවික්‍රමට ප්‍රහාරය එල්ල කිරීමට කොන්ත්‍රාතුව දෙන්නා හිරු මාධ්‍ය ජාලයේ රෙනෝ සිල්වාම විය හැකිය.
ඒ චමුදිත සමරවික්‍රම යනු රෙනෝ සිල්වාට තමන්ගේ වැටුප් ලබන පාදඩ වහලෙක් පමණක් වන බැවිනි.සිය පෞද්ගලික අවශ්‍යතාව ඉටු කර ගැනීම පිණිස චමුදිත සමරවික්‍රමගේ ජීවිතය උකසට තැබීම රෙනෝ සිල්වා පාර්ශවයට සිම්පල් වැඩකි.එහෙත් චමුදිත සමරවික්‍රම නමි වාචාලයාට මෙවැනි අනතුරක් සිදු වුව හොත් මේ දේශපාලන වටපිටාව තුළ එහි චුදිතයා බවට පත් වන්නේ ජාතික ජන බලවේගය බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.මේ දින ගණන තුළ එවැන්නක් සිඳු වුව හොත් ජාතික ජන බලවේගයට එරෙහිව බොහෝ අවලාද හා සාවද්‍ය ප්‍රචාරයන් සමාජගත කිරීමට විරුද්ධවාදීන්ට හැකි වටපිටාවක් නිර්මාණය වීමට ඉඩ තිබේ.එබැවින් නාමල් කුමාර මේ නටන්නට අර අඳින දහ අට සන්නිය ගැන ජාතික ජන බලවේගයේ නායකයන් ගේ දැඩි අවධානය යොමු විය යුතු වේ.