උණුසුම් පුවත් උණුසුම් පුවත්

බටලන්දේ හිටපු මිනීමරු එස්.එස්.පී ඩග්ලස් පීරිස් ඇතුළු පිරිසකට සිර දඬුවම් හිමි වේ.

Spread the love

සුදු වෑන් රථයක් භාවිතා කරමින් මරණයට පත් කිරීමේ අරමුණින් තරුණයකු පැහැර ගෙන යාම සම්බන්ධයෙන් චෝදනාවට වරදකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය විසින් 2009 අගෝස්තු 26 වන දින ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිළධාරීන් හතරදෙනෙකුට ලබා දී තිබූ අවුරුදු 05 බැගින් වූ සිර දඬුවම් ඊයේ (25)ස්ථිර කළ අභියාචනාධිකරණය එම දඬුවම් ලබා දීම නීතියට අනුකූලව සිදු කර ඇති බවට තීන්දු කරන ලදී.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවැති 1989 වර්ෂයේ ජනවාරි 01 දින සිවිල් ඇඳුමෙන් සැරසුන මෙම විත්තිකරුවන් ⁣දෙල්ගොඩ ප්‍රදේශයේදීී රත්නචන්ද්‍ර නම් තැනැත්තකු මරා දැමීමේ අපේක්ෂාවෙන් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අධිචෝදනා 07 ක් යටතේ ගම්පහ මහාධිකරණය වෙතින් මෙම විත්තිකරුවන්ට අවු 05 බැගින් සිර දඬුවම් ලබා තිබුණි.

විත්තිකරුවන් එම සිර දඬුවම් වලට එ⁣රෙහිව අභියාචනාධිකරණය වෙත  පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

(මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ බටලන්ද වදකාගාරයේ සිටි සැකකරුවකු සමග දෙපසින් ඉන්නේ එස්.එස්.පී .ඩග්ලස් පීරිස් ගේ පුතුන් දෙදෙනාය.)


Spread the love

You may also like