ඔහු කොන්දේසි විරහිතව පෙනී සිටින්නේ මව්බිම වෙනුවෙනි
ඔහු සොයන්නේ යුක්තියයි.
ඔහු අනාවරණය කරන්නේ දූෂණයයි
ඔහුගේ සටන මේ ලාංකේය පොළව මත නීතිය හා සාධාරණය තහවුරු කරන්නටය
රටේ පොදු ජනතාවගේ දේපොල වංචනිකව උදුරාගනිමින් අනීතිකව හැසිරෙන පාදඩ දේශපාලඥයන්ට එරෙහිව ඔහු හඬ නගන්නේය
ඔහු හිටපු ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකි.කීර්තිමත් සේවාවක් මව්බිම වෙනුවෙන් ඉටු කළ ඔහු මෙරටින් විදේශගත වන්නේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ පවතින දූෂිත ජාවාරම්කාර බල ආධිපත්‍යය ගැන දැඩි කළ කිරීමෙනි.
එහෙත් ඔහු තවමත් පොලිස් දෙපාර්තමේන්තුවට ආදරය කරන්නේය.
පොලීසියේ ගෞරවාභිමානය හා කීර්තිමත් පෞරෂය නැවත ස්ථාපිත වෙනු දැක්ම ඔහුගේ සිහිනයයි
පොලීසියේ ජාවාරම්කාර පාහර නොසන්ඩාලයන්ට ඔහු වහ කදුරුය.කුජීත දේශපාලනයේ විෂබීජයන් ගෙන් රෝගාතුරවූ පොලීසිය ඉන් ගලවා ගැනීම සඳහා ඔහු සටන් කරමින් සිටී.ඒ නොනවතින සටනේ හඬ අප මව්බිම පුරා පැතිරෙමින් තිබේ.ඔහු දකින සිහිනය හෙට දිනයේ මේ අප උපන් මේ මහ පොළවේ නීතිය වනු දැක්ම අපේද අපේක්ෂාවයි .
අදමේසොඳුරුමිනිසාගේඋපන්දිනයයි.
මනුෂ්‍ය සහංතියේ සාධාරණ පැවැත්ම සහතික කරනු වස් සිය ජීවිතයේ අවස්ථාවන් කැප කරමින් සිටින අජිත්ධර්මපාල නම් වූ ඒ අපූරු මිනිසාට ලංකා දවස මෙසේ උපන්දින සුබ පැතුම් පිරිනමයි
ආයු බෝවේවා සහෝදරයා !
(දේශප්‍රියවීරරත්න – ලංකාදවස )
සුබ උපන්දිනයක්ම වේවා ….සහෝදරයා