පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ සෘජු නියෝග යටතේ අපරාධ වැටලීම් සඳහා ක්‍රියාත්මක කෙරෙන හා ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇන්සල්ම් සිල්වා යටතේ පවතින unit 07 ඒකකයේ සේවය කළ පොලිස් පරීක්ෂක ලසන්ත ගුණවර්ධන හා තවත් පොලිස් කොස්තාපල්වරයකු අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ.මෙහිදී අත් අඩංගුවට ගන්නා ලද මෙම පොලිස් කොස්තාපල් වරයාගේ ලොකරයේ තිබී එක් ලක්ෂ පනස් දහසක මුදලක් අල්ලස් කොමිසම බාරයට ගත් බවද හෙළිවී තිබේ.
එම පොලිස් කොස්තාපල් වරයා විසින් අනාවරණය කර ඇති ආකාරයට එසේ ලබා ගැනීමට තිබූ සම්පූර්ණ අල්ලස් මුදල ලක්ෂ තිහකි. එම මුදල් තම ස්ථානාධිපතිවරයා මගින් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලබා දීමෙන් අනතුරුව ඔහු විසින් ඉන් කොටසක් පොලිස්පතිවරයා වෙත යැවීමට සැළසුම් කර තිබූ බවද තමන්ට එම අල්ලස් මුදලෙන් හිමි වන්නේ රුපියල් පනස් දහසක් පමණක් බවත් එම පොලිස් කොස්තාපල්වරයා අල්ලස් කොමිසම වෙත හෙළි කර තිබේ.
දේශබන්දු ගේ ගෝලයෝ අල්ලස් අරගෙන මාට්ටු