උණුසුම් පුවත් උණුසුම් පුවත් වෙනත්

ආරංචිය නම් ඇත්තටම ජනතාවට සුබය

Spread the love

හෙට දවසේ ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය ඇමතීමට සූදානම්ව සිටී.ඒ පිළිබඳව පූර්ව ප්‍රචාරක දැනුවත් වීමක් ලෙස ජනපති මාධ්‍ය ඒක⁣කයෙන් පෝස්⁣ටරයක් රට පුරා අලවා තිබේ.ඒ පෝස්ටරයේ ජාතික ධජය සමග ආරංචිය සුබයි යන්න සඳහන්ව ඇත.

ජනපති රනිල් වික්‍රමසිංහ මේ හදන්නේ වංගුවක් ගහන්ටය.මෙහිදී රට බංකොලොත් බවින් මිදුන බව පවසා තමන් ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව වන බව කීමට රනිල් වික්‍රමසිංහ සූදානමින් සිටින බව පැවසේ.

එය නම් සත්‍ය වශයෙන්ම රටට සුබ ආරංචියකි.මේ වන තුරුත් මේ රටේ ජනතාව සිටියේ ජනපතිවරණය නොපැවැත්වීමට රනිල් වික්‍රමසිංහ කවර හෝ අංචියක් අදිනු ඇතැයි සැකයෙනි.එහෙත් හෙට දිනයේදී රනිල් වික්‍රමසිංහ තමන් ජනපති අපේක්ෂයා බව සඳහන් කළ හොත් එය ජනතාවට සුබ ආරංචියක් වන බව නිසැකය.ඒ සුබ ආරංචිය පිළිබඳව ජනතාවට වඩාත් සතුටු විය හැක්කේ ජනපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ කුල්ල කුජීත වී පරාජයට පත් වූ පසුවය.

මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහජන රැස්වීම් වලදී ප්‍රකාශ කරන්නේ රට බංකොලොත් බවින් මුදවා ගත් වීරයා තමන් බවය.රට තවදුරටත් ගොඩගන්නට තමන්ට නැවත අවස්ථාව දෙන ලෙස ඔහු පවසයි.

⁣පසුගිය දින කිහිපය තුළ රනිල් වික්‍රමසිංහට දේශපාලනිකව සහයේගය දැක්වීමට එක් වූ පිරිස මෙසේය

කරුණා අම්මාන්

පිල්ලෙයාන්

විලේන්ද්‍රන්

නිශාන්ත මුතුහෙට්ටිගම

අම්පාර වීරසිංහ

මහින්ද කහඳගම

මර්වින් සිල්වා

ලොහාන් රත්වත්තේ ඒ අතර වේ.

මේ අයවළුන්ට අමතරව රනිල් වික්‍රමසිංහ සමග දීර්ඝ කාලයක සිට දේශපාලනික ගණුාදනුවක නිරතව සිටින නිමල් ලන්සා ,මහින්දානන්ද ප්‍රසන්න රණතුංග  නිමල් සිරිපාල චාමර සම්පත් හා දුමින්ද දිසානායක ආදීන්  සිටී

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ පාරාජිකා දුෂ්චරිත ඇති මෙවැනි නොසන්ඩාලයන්  සමග රනිල් වික්‍රමසිංහ රට ගොඩ දානවා යැයි සිතන වුන් සිටී නම් ඒ ඇත්තන් සැම දෙනාම මානසික වෛද්‍යවරුන් හමුවීම ඉතා හොඳය. 


Spread the love

You may also like