Tue, 2 Jan at 16:03:
ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු වැඩ බලන පොලිස් පති වරයා ලෙස ජනපතිවරයා විසින් පත් කරන ලද්දේ මාස තුනකට කාලයක් සඳහාය.මේ වන විට නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස්ගේ සැලසුම වී ඇත්තේ දේශබන්දු මෙරට පොලිස්පති වරයා ලෙස පත් කර ගැනීමය.
දේශබන්දු වැඩ බලන පොලිස්පති වරයා ලෙස පත් කරන ලද්දේ තමන් බවද ටිරාන් අලස් ඇමතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලදී.පොලිස්පති ධුරය හිස් වූ විට එම ධුරය සදහා නිළධාරියකු පත් කරන තුරු වැඩ බලන පොලිස්පති වරයකු පත් කිරීමට බලය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ජනපතිවරයාටය.ටිරාන් අලස් ඇමතිවරයා ප්‍රකාශ කරන ආකාරයට දේශබන්දු වැඩ බලන පොලිස්පති වරයා ලෙස පත් කිරීමට ජනපතිවරයාට බලපෑම් කර ඇත්තේ ඔහුය.
රාජ්‍ය නිළධාරීගේ සාකච්ඡා වලදී පාතාල චන්ඩියකු ලෙස හැසිරෙන හා නියෝග කිරීම් කරන රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා වැඩ බලන පොලිස්පති ධුරයට නිළධාරියකු පත් කිරීමේදී ටිරාන් අලස් අමාත්‍යවරයා ඉදිරියේ නෝන්ඩි වූයේ මන්ද යන් බරපතල ප්‍රශ්ණයකි.
ටිරාන් අලස් හා දේශබන්දු මේ වන විට ආණ්ඩුවට පාක්ෂිකත්වය දක්වන ලුම්පන් ඡන්ද තීරුව කඩා බිඳ විනාශ කරමින් සිටී.රනිල් වික්‍රමසිංහ ජනපති වරයා ප්‍රමුඛ එක්සත් ජාතික පාක්ෂික ප්‍රබලයන් ටිරාන් ගේ හා දේශබන්දුගේ අනීතික මෙහෙයුම් පිළිබඳව ඇස් කන් වසා ගෙන සිටීමද පුදුම සහගතය.
පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශය යොදා ගනිමින් ටිරාන් හා දේශබන්දු සිඳු කළ අනීතික පොලිස් අපරාධය පිළිබඳව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා විසින් වහා පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ වුවද ඒ පිළිබඳව ජනපතිවරයා ගේ පාර්ශවය දක්වන්නේ උදාසීන බවකි.මේ සිද්ධිමය වටපිටාව තුළ සැඟවී ඇත්තේ පැහැදිලිව අප විසින් නිරාකරණය කර ගත යුතු ප්‍රශ්ණයකි.ප්‍රශ්ණය වී ඇත්තේ ටිරාන් හා දේශබන්දු ජෝඩුවට උඹලා ඕනෑ මගුලක් කර පල්ලා යැයි ජනපතිවරයා නෑසූ කන්ව නිහඬව සිටීමය.එය
එසේනම් මේ වන විට පොලීසිය යොදවා ගනිමින් මෙරට පොදු සමාජයේ මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයට කටයුතු කරන ටිරාන් හා දේශබන්දු ගේ අනීතික චර්යාව ජනපති රනිල් වික්‍රමසිංහ අනුමත කරන බවද අපට සිතිය හැකිය.
ජනපතිවරණයට ඇත්තේ තව මාස කිහිපයකි.පොලීසිය යොදා ගනිමින් සිඳු කරන අනීතික මෙහෙයුම් පිළබඳව මේ වන විටත් හුදකලාව තැනින් තැන මහජන අප්‍රසාදය නැගෙමින් පවතී. මැතිවරණයක් අත ළඟ තිබියදී
ජනපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පොලීසියට අනීතික මෙහෙයුම් වලට ඉඩ දී නිහඬව සිටින්නේ වෙනත් දේශපාලනික අරමුණක් නිසා බවටත් අපට සැකයක් තිබේ.
රට පුරා ආණ්ඩුවට එරෙහිව බරපතල මහජන ව්රෝධයක් පවතී.එහිදී එම විරෝධය දේශපාලනිකව වඩාත් සංවිධානාත්මකව හා ප්‍රචාරාත්මකව ඒකරාශී කරමින් සිට්න්නේ ජාතික ජන බලවේගයයි.ජාතික ජන බලවේගයේ සංවිධානාත්මක විරෝධය ආණ්ඩුවට බරපතල ලෙස රිදවන බවත් පෙනෙන්නට තිබේ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විවිධ අවස්ථා වලදී ප්‍රකාශ කර ඇත්තේ මෙරට ජනපතිවරයා ලෙස අඛන්ඩව රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බවය.නව වසරේ ජනවාරි 01 වනදා සිය කාර්ය මණ්ඩලය ඇමතූ මනූෂ නානායක්කාර ඇමතිවරයා ප්‍රකාශ කරන ලද්දේ හොඳින් හෝ නරකින් ආණ්ඩුව ගෙන යන බවය.රනිල් වික්‍රමසිංහ පාර්ශවයේ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකුද මේ මතයේ සිටින බව ඔවුන් මාධ්‍ය වෙත දක්වන අදහස් වලින් තහවුරු කර ගත හැකිය. මේවා සැහැල්ලු හෝ විහිළු සහගත ප්‍රකාශයන් නොවන බව අප තේරුම් ගත යුතුය.
එහෙත් ප්‍රාතිහාර්යයක් බලහත්කාරකමක් හෝ වෙනත් යටි කූට්ටු සැළසුමකින් හැර ජනපති රනිල් වික්‍රමසිංහට සිය ධුර කාලය අවසන් වීමෙන් පසුව රැඳී සිටිය නොහැකි වටපිටාවක් සමාජය තුළ පවතී.ඔහු සම්බන්ධයෙන් පවතින මහජන අප්‍රසාදය ඒ තරමටම ප්‍රබලය.අප මෙහි සඳහන් කළ ආකාරයට රනිල් වික්‍රමසිංහ යටි කූට්ටු සැළසුමක් මුදා හැර තවදුරටත් මෙරට ජනපතිවරයා ලෙස අඛන්ඩව කටයුතු කිරීමට ව්‍යවස්ථාවේ යම් හිඩැසක් භාවිතා කරන්නටද බැරි නැත.අළුත්කඩේ ගූ හැලියේ කිරි පනුවන් එය අනුමත කරන්ටද පුළුවන.
යුක්තියේ මෙහෙයුම නම් අනීතික මෙහෙයුම සමාජය මත මුදා හරින්නට ටිරාන් දේශබන්දු ජෝඩුවට ඉඩදී ජනපති රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ අනුගාමිකයන් නිහඬව සිටින්නේ ඉදිරියේදී මේ මෙහෙයුම හරහා සිය බලය තහවුරු කර ගැනීමට ඉඩහසර පවතී යැයි සිතා ගෙන වන්නට පුළුවන.
ජනපතිවරණයට දින නියම වීමෙන් පසුව හා එය පැවැත්වෙන දිනය ආසන්න වන විට මෙරට ජන ප්‍රසාදය දිනා ගෙන ඇති ජාතික ජන බලවෙිගයේ යම් නායකයකුට මත් ද්‍රව්‍ය හෝ වෙනත් බරපතල අපරාධ චෝදනා නගමින් අත් අඩංගුවට ගැනීමක් සිඳු කළ හොත් මැතිවරණ භූමියේ සමස්ත අපේක්ෂාවන් කණ පිට හැරෙනු ඇත.
ඒ සඳහා ගතවන කාලය බ්‍රේකින් නිවුස් එකක් ප්‍රචාරය කරන කාලය පමණි.
සැබැවින්ම ඒ සඳහා ලාල් කාන්ත වැනි රැඩිකල් නායකයකු අත් අඩංගුවට ගත හොත් පොදු සමාජය එය විශ්වාස කිරීමට පවා පෙළඹෙනු ඇත.
අප ජීවත්වන්නේ නාග ලෝකයේ සිට ධාතු කැළණියට ගෙනා නාගයකු වන්දනා කරන්නට ගිය සමාජයක බව අප අමතක කළ යුතු නැත.එසේ නම් මේ යුක්තියේ මෙහෙයුම දැන් ජන මනස හදමින් සිටින්නේ එවැනි තක්කඩි දේශපාලනික වැඩකට බව සිතීම අසාධාරණ නොවේ.
රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ටිරාන් හා දේශබන්දු යන දාමරිකයන් දෙදෙනා ඇති දැඩි කරන්නේ එම අවසාන ප්‍රතිඵලය ලබා ගැනීමට විය හැකිය.
ඒ අතරේම දේශබන්දු වැඩ බලන පොලිස්පති තනතුරෙන් මාස තුනකින් ඉවත් නොවන බවටද අප හට සාක්ෂි ලැබෙමින් පවතී.තමන් ස්ථිර පොලිස්පති තනතුරට පත් කරන බවට ඔහු නිසැක විශ්වාසයක සිටී.මේ සමග පලවී ඇත්තේ ඒ පිළිබඳව අප වෙත ලැබුණු ප්‍රබල ඡායාරූප සාක්ෂියකි.පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපති කම ව්‍යවස්ථානුකූලව පැවරෙන්නේ පොලිස්පති වරයාගේ බිරිඳටය.වැඩ බලන පොලිස්පති දේශබන්දුගේ බිරිඳ ලහි ලහියේ එම තනතුරෙහි වග කීම් බාර ගෙන තිබේ.තමන්ගේ සැමියාට ස්ථිර වශයෙන්ම පොලිස්පති තනතුරට පත් වන බවට ඇයට විශ්වාසයක් තිබෙන බව පැහැදිලිය.නැතිනම් මාස දෙකක කාලයකට ජෝක් වීමට ඇය මේ තනතුර බාර ගන්නේද නැත.මේ ඡායාරූප වල ඉන්නේ දේශබන්දු ගේ නෝනාය.