උණුසුම් පුවත් උණුසුම් පුවත්

වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දුගෙ කල්ල මරේ සම්බා හාල් ආනයනය

Spread the love

මෙරට වෙළඳ පොළ තුළ කිරි සම්බා හාල් හිඟයක් පවතින නිසා එම සහලට සමාන GR 11කාණ්ඩයට අයත් සහල් මෙට්‍රික් ටොන් 50000ක්ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කර තිබේ.ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වේ.

මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව සහල් ආනයනය කරුවන් හදුනාගැනීමේ ප්‍රමිතිගත ක්‍රමවේදය නොසලකා අමාත්‍යවරයා විසින් වෙළඳ අමාත්‍යංශ ලේකම්වරයා වෙත එස්එම්එස් පණිවුඩයක් එවා නියෝග කර ඇත්තේ එහි සඳහන් ව්‍යාපාරිකයන්ට එම සහල් ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසය.

ඇමතිවරයා  විසින් අමාත්‍යංශ ලේකම්වරයා වෙත එවා ඇති එස්එම්එස් පණිවිඩයේ සඳහන් වී ඇත්තේ පහත නම් සඳහන් ව්‍යපාරික පිරිස වේ.

AZEEZ BROTHERS

BENSON TRADERS

RTS FOODS LTD

ENSEN TRADING LTD

VD HOLDING

NANDANA ENTERPRICE

GANAM IMPORTS

PULSES PROCESDING LTD

BARIK ENTERPRIZE

PMMOHOMED ALI LTD

මෙම ව්‍යාපාරික ආයතන සහල් ගෙන්වීම සඳහා තෝරාගත් පදනම කුමක්ද යන්න පැහැදිලි නැත.විවෘත දැන්වීමක් මගින් ටෙන්ඩර් කැඳවීමකින් තොරව අමාත්‍යවරයාගේ පෞද්ගලික ඕනෑකම මත මෙම ගනුදෙනුව සිදු වෙමින් පවතින බව අමාත්‍යංශ ආරංචි මාර්ග වලින් පැවසේ.

වෙළඳ අමාත්‍යවරයා වන නලින් ප්‍රනාන්දු මෙයට පෙර සතොස සභාපතිවරයා ලෙස කටයුතු කරන අවදියේ වංචා චෝදනා සඳහා පොලිස් අත් අඩංගුවට පත් වූ අයෙකි. විධිමත් ක්‍රියා පරිපාටියෙන් තොරව මෙම සහල් ⁣ආනයනය කිරීම තුළින්ද අමාත්‍යවරයා කොමිස් කුට්ටියක් ලබා ගෙන ඇති බව තතු දන්නෝ පවසති. 

,  or 


Spread the love

You may also like