උණුසුම් පුවත් උණුසුම් පුවත්

කුරුණෑගල හිටපු නගරාධිපති වැලිකඩට දක්කයි

Spread the love

පුරාවස්තු ආඥා පනත යටතේ ගැසට් කරන ලද පුරා විද්‍යා රක්ෂිත ස්මාරකයක් වූ 13 වන සියවසට අයත් කුරුණෑගල රාජ සභා මණ්ඩපයේ කොටසක් ඩෝසර් කර  විනාශ කිරීමේ සිද්ධියට වරද පිළිගත් කුරුණෑගල හිටපු  නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකුට වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට කුරුණෑගල පලාත්බද මහාධිකරණය නියෝග කෙරුවේය.

එම නඩුව අද (14)කුරුණෑගල පලාත්බද මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙසේ දඬුවම් නියම කරන ලද්දේ කුරුණෑගල මහ නගරසභාවෙි හිටපු නගරාධිපති තුෂාර සම්පත්,එහි හිටපු  නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න,එහි හිටපු නාගරික ඉංජිනේරු චමිත් බණ්ඩාර ,වැඩ අධිකාරී අයි.සුල්තිකාර්,බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු වන ලක්ෂ්මන් ප්‍රියන්ත යන විත්තිකරුවන්ටය.

මෙම සිර දඬුවම⁣ට අමතරව රජයට රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක වන්දි මුදලක් සහ එක් අයෙකුට රුපියල් පනස්දහස බැගින් වූ දඩ මුදල්ද නියම කෙරිණි.

කුරුණෑගල නගර මාධ්‍යයේ පිහිටි දෙවැනි බුවනෙක භාහු රජුගේ රාජ සභා මණ්ඩපය හෙවත් මගුල් මඩුවේ කොටසක් කුරුණෑගල නගර සභාව මගින් ඩෝසර් කර විනාශ කරනු ලැබුවේ පසුගිය 2020 වර්ෂයේ ජුලි 14 වනදාය.

මේ සම්බන්ධයෙන් ඒ දින වලදී මාධ්‍ය හමුවක් පැවැත්වූ එවකට කුරුණෑගල නගරාධිපති වූ තුෂාර සංජීව විතරණ ප්‍රකාශ කරන ලද්දේ ගොඩනැගිල්ලේ පිටුපස කොටසෙන් දිවෙන මාර්ගයක් පුළුල් කිරීම සඳහා එම පුරාවිද්‍ය  රක්ෂිිිත⁣යේ කොටසක් කඩා ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරියට ⁣තමා ඉඩ දුන් බවය.

මෙවැනි වටපිටාවක මෙම පුරාවිද්‍යා රක්ෂිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම  පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල පොලීසියට පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබුණි.එම පැමිණිලි වලට අනුව පොලීසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරන ලදී 


Spread the love

You may also like