උණුසුම් පුවත් වෙනත්

වෙළඳ ඇමතියා පිළිකා කාරක ආසනික් අඩංගු සහල් ගෙන ඒමට සැරසෙයි

Spread the love

වෙළඳ ඇමතිවරයා පට්ට හොරෙක් බව ඔහුගේ පැටිකිරිය දන්නා කියන අය දනී.

රටේ ජනතාව ගේ බඩගින්න උකසට තබා මේ හොර තක්කඩියා සිදු කරමින් තිබෙන ජාවාරම් අනන්තය. අප්‍රමාණය.

මොහු නිතරම අතවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයක් පෙන්වා ඒවා ආනයනය සිඳු කිරීම ඇබ්බැහියක් වී තිබේ.කලකදී සීනිය.තවත් කාලයකදී පරිප්පුය.ඉන් අනතුරුව බිත්තරය.හදිසි මිලදී ගැනීම්  ලෙස සිඳු කරන මෙම   ආනයනය කිරීම් තුළ ඇත්තේ තක්කඩි ජාවාරමකි.මින් හොද්ද බොරවන්නේ වෙළඳ ඇමතිගේ හා ඔහුගේ කූට්ඨාලි ජාවාරම්කරුවන්ගේය.

රටේ ජනතාව ගේ අවශ්‍යතාව පෙන්වා සිදු කරන මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය පිළිබඳව මතු පිටින් සිතන විමසන අයෙකුට වැටහෙන්නේ වෙළඳ ඇමතියා මාර වැඩකාරයෙක් බවය.මොහු අභියෝගකරන්නේ මෙරට කළු කඩ මුදලාලිලාට බවය.එහෙත් සත්‍යය එය නොවේ.මේ තක්කඩියා වෙළඳ පොළ අවශ්‍යතාව පෙන්වා හදිසි ආනයනය කිරීම් වලින් මෙරටට ගෙන්වන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිසිදු ප්‍රමිතියකට නැති ආහාරයට නුසුදුසු ඒවා බවට අනාවරනය වී තිබේ.මොහු විසින් ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර පිළිබඳව අප විසින්ද මීට ඉහතදී හෙළිදරව් කරන ලදී. 

වෙළඳ ඇමතියාගේ අළුත්ම ජාවාරම නත්තල පෙන්වා කීරි සම්බා හාල් හිඟයක් රට තුල පවතින බව⁣ට අඟවා මියන්මාරයෙන් සම්බා හාල් ගෙන ඒමටය.එහෙත් කීරි සම්බා සහල් ලෙස ගෙන ඒමට සූදානම් වන එම සහල් වර්ගය  කීරි සම්බා නොවන ඒ හා සමාන සහල් වර්ගයක් බව අනාවරනය වී තිබේ.මියන්මාර වෙළඳ ආරංචි වල සඳහන් වන ආකාරය⁣ට මෙම හාල් වර්ගය යුරෝපීය රටවලින් ප්‍රතික්ෂේප කර ඇති සහල් වර්ගයකි.යුරෝපීය රටවල් තුලට ප්‍රමිතියකින් තොර අනාරක්ෂිත ආහාර වර්ග ආනයනය කිරීම ඉඩ ප්‍රස්ථාවක් නැත.එම රටවල් ජනතාවගේ ආහාර වේල් වල ඉතා ඉහළ සෞඛ්‍ය ආරක්ෂිත බව විපරමින් සිටින අතරම ඒ සඳහා දැඩි නීති රීතිද පනවා තිබේ.එහිදී සහල් වල අන්තර්ගත ආසනික් මට්ටම ගැන දැඩි අවධානයට ලක් කෙරේ.ආසනික් යනු පිලිකා කාරකයකි.ජාත්‍යන්තර පිළිකා ආයතනයේ පර්යේෂණ වාර්තා අනුව සහල් වල අන්තර්ගත විෂ අධික අකාබනික ගණය⁣ට ගැනෙන ආසනික් 111 හා ආසනික් V සංයෝගයන් අන්තර්ගත වේ.මේවයේ උපරිම රසායනික අගය ඉහල මට්ටමක පවතී නම් යුරෝපයේ කිසිම රටක වෙළඳපොළ අලෙවිය තහනම්ය.

වෙළඳ අමාත්‍යවරයා  මියන්මාරයෙන් මෙරටට ගෙන්වීමට සැළසුම් කර ඇත්තේ මෙවැනි ප්‍රමිතියෙන් තොර සහල්ය.නත්තල සමග ⁣සහල් සඳහා වෙළඳ පොළ අවශ්‍යතාව ඉහළ යමින් තිබේ.තක්කඩි වෙළඳ ඇමතියා තම ජාවාරම සඳහා පදනම දමා ගන්නේ ජනතාව තුළ පවතින මේ අවශ්‍යතාවයි.

පාරභෝගිකයන් අඩු මිලට තිබෙන හාල් මිලට ගැනීමට පෙළඹෙන්නේ මේ වන විට මෙරට පවතින ආර්ථික අර්බුදය ඉතා ඉහල නිසාය.ඔවුන් එහිදී භාණ්ඩයේ ප්‍රමිතිය පිළිබඳව අවධානයට නොගෙන ලාභය පිළිබඳව විමසිලිමත් වේ.මියන්මාරයෙන් ආසනික් අඩංගු සහල් ගෙන්වීමට සැළසුම් කර ඇති වෙළඳ ඇමතියාට රටේ ජනතාව පිළිකා හැදී මැරුණාට කමක් නැත.මේ ජාවරම්කාර තක්කඩියාට හා ඔහුගේ පාදඩ ⁣හොර රැළට  තම තමන්ගේ බැංකු ගිණුම් තර වන්නේ නම් ඒ හොඳටම ඇතිය.සැබැවින්ම ජනතාවට වහ කවන ජාතියේ අවාසනාවට ජාතක වී ඇති මෙවැනි කාලකණ්නියන් රැළට පමණක් නොව මුන්ගේ  අම්මා අප්පාටද හෙණ ගෙඩි පාත් විය යුතුය.  



Spread the love

You may also like