ජාතිවාදී අදහස් ප්‍රකාශ කරමින් අන්‍ය ජාතීන් කෙරෙහි වෛරය ඇතිවන ආකාරයට ප්‍රකාශ නිකුත් කරමින් සිටින
මඩකලපුවේ මංඟලාරාම විහාරස්ථානයේ අම්පිටියේ සුමනට එරෙහිව ගිගුම්මඩුවේ විමලබුද්ධි නැමැති භික්ෂුවක විසින් පසුගියදා පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට පැමිණිල්ලක් කර තිබේ.මෙම පැමිණිල්ල කිරීමට නීතිඥ උදුල් ප්‍රේමරත්නද සහභාගි වී තිබුණි.
අම්පිටියේ සුමන බෞද්ධ දර්ශනයට ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රකාශ කරමින් ඒවා සමාජ මාධ්‍ය වල පල කිරීම තුළින් ජාතිවාදී අර්බුදයක් ඇති වීමට හේතු විය හැකි බව පැමිණිලිකරුවන් කියා සිටී.මෙම වෛරීසහගත අදහස් ප්‍රකාශයන් සම්බන්ධයෙන් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර පනත යටතේ අම්පිටිය සුමනට එරෙහිව කටයුතු කරන ලෙසද පැමිණිලිකරුවන්
වැඩිදුරටත් ඉල්ලා සිටී.
එම වරද කර ඇතැයි සළකා මේ වන විට පුද්ගලයන් ගණනාවක් පොලීසිය මගින්
විවිධ අවස්ථාවල අත් අඩංගුවට ගෙන ඇතත් එම වරදම සිදු කරන අම්පිටියේ සුමන අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය ක්‍රියා නොකිරීම පිළිබඳව බරපතල සැකයක් ඇතැයි නීතිඥ උදුල ප්‍රේමරත්න පවසයි.
නැගෙනහිර පළාත තුළ ඇති ඉඩම් පිළිබඳව මෙම ගැටළුව නිර්මාණය වී ඇති බවත් වැඩිදුරටත් පවසන ඔහු මෙි සිද්ධිය පිටුපස ජාතිවාදය මුදා හැර යම් දේශපාලනික වාසියක් අපේක්ෂා කරන යම් කණ්ඩායමක් සිටින්නේද යන්න විමර්ශනය කරන ලෙසට පැමිණිලි කරුවන් පොලීසියෙන් ඉල්ලා තිබේ.