මේවා ආතල් රහස්ය.
ඒත් අම්මපා ඇත්ත ඒවාය.මේ රනිල් හාමුත් සාගල හාමුත් දෙනියායේ බංගලාවේ රෑ නැවතුන දවසක සිද්ධ වෙච්ච ඇබැද්දියකි.ඒ ජෝඩුවට නම් ඒ ඇබැද්දිය ගාණක් නැති වන්නට පුළුවන.ඒත් මේ ගැන ඇහැට ලයින් වුන එකාට ඒ සිද්ධිය මාර ආතල් එකක්ම විය.රනිල් හාමු එදා රෑ නිදාගන්න ගියේ රෝස පාට පිජාමා නයිට් කිට් එකක් ඇඳගෙනය.සාගල හාමු ඇඳ සිටියේ ලා නිල් පාට පිජාමා නයිට් කිට් එකකි.ඊට පහුවෙනිදා මේ ජෝඩුව උඩ තට්ටුවේ ඉඳන් පහලට එන විට දෙදෙනා නයිට් කිට් මාරු වී ඇති බව ඒ ගැන ඇහැ ගහ ගෙන හිටි එකාට ලයින් විය.සාගල හාමු ගේ ලා නිල් පාට පිජාමා කිට් එක රනිල් හාමු ඇඳගෙනය.සාගල හාමු හිටියේ රෑ රනිල් හාමු ඇඳන් සිටි රෝස පාට පිජාමා නයිට් කිට් එකය.මේ නයිට් කිට් එක මාරු වුනේ කෙහොමද කොයි වෙලාවේද යන්න ගැන දන්නේ ඒ දෙන්නා විතරමය. හැම සතියකම සිකුරාදාට රනිල් හාමු සාගල හාමුට කෝල් එකක් දී අහන්නේ මේ වීක්එන්ඩ් එකේ ඔයා යන්න කැමති කොහේද කියාය.සාගල හාමු ගේ සති අන්ත කැමැත්ත පරිදි රනිල් හාමු ගේ ජනපති සංවර්ධන චාරිකාවටද සැලසුම් හැදෙන්නේය.වැඩියෙන්ම මේ දෙන්නා යන්නේ නුවරඑළියටය.තමන්ගේ සල්ලි වලින් මොන මඟුල නැටුවත් කමක් නැත.ඒත් මේ හාමුලා දෙන්නා පෙම් කෙළින්නේ රටේ ජනතාවගේ මුදලිනි.අපට මේ ලව් චූන් ගැන ලියන්නට සිද්ධ වී ඇත්තේ ඒ නිසාය. ඒ දෙන්නාගේ පෞද්ගලික ජීවිතය ගැන කාටවත් රුදාවක් තියෙන්නට විදියක් නැති යැයි කවුරු හරි කිව්වොත් අපට කියන්නට තියෙන්නේ තම තමන් හරි හම්බ කරගෙන තියෙන මුදලින් ඕන කෙළියක් කෙරුවාට අපි ඇහැක් ඇර බලන්නේ නැති බවත් ඒත් මේ වැඩේ සිද්ධ වෙන්නේ පොදු මහ ජනතාවගේ මුදලින් නිසා අපට ඒ ගැන රුදාවක් තිබෙන බවත්ය.ඒ වගත් එසේමය.