පසුගිය මාර්තු මාසයේදී පැවැත්වීමට නාම යෝජනා කැඳවා තිබූ පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව කෝටි 100 ක පමණ මුදල් වියදම් කර රජයේ මුද්‍රණාලයෙන්
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරිණි.එහෙත්
ජනපති රනිල් රාජපක්ෂ හා රජයේ මුද්රණාලධිපතිණි ගංඟානි කල්පනී ලියනගේ විසින් කූඨ යටි බිමි ගත සැළසුමක් දියත් කරමින් එම පලාත් පාලන මැතිවරණය කඩා කප්පල් කරන ලදී.
රජයේ මුද්‍රණාලය මගින් මහජන මුදල් වැය කර මුද්‍රණය කරන ලද එම ඡන්ද පත්‍රිකා තොගය මෙහි ඡායාරූප වලින් දැක්වේ.
මෙම පලාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීම බරපතල ව්‍යවස්ථානු කූල වරදක් බව ව්‍යවස්ථා විශාරදයන් බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.මෙරට ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිඳු කළ වරදට වගකිවයුතු අදාල පාර්ශවයන්ට කිසියම් දිනයකදී මෙරට අධිකරණය ඉදිරියේ වග උත්තරකරුවන් වීමට සිඳුවන බව නිසැකය.
මෙරට මැතිවරණ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවට හඟවා ජාත්‍යන්තර මුල්‍ය ආධාර ලබා ගනිමින් මෙරට සාධාරණ මැතිවරණ සඳහා එක් කාල සීමාවකදී මැදිහත් වූ “මං හිටපු ගවනර්” කීර්ති තෙන්නකෝන් නම් තක්කඩියා මේ වන විට රනිල් රාජපක්ෂගේ වැසිකිලි පස්ස සෝදන සට්ටැඹියෙකු බවට රූපාන්තරය වී සිටින බවද මෙහිදීී සඳහන් කළ යුතු කරුණකි. සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා මෙරටට ජාත්‍යන්තර සංවිධාන වලින් එවන ලද මුල්‍යාධාර වංචා කරමින් මේ තක්කඩියා සංචාරක නිකේතනයක් පවා මිලයට ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.