Immunogloulin ඖෂධය ව්‍යාජ ලිපි ලේඛන යොදා ගෙන ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කළ බව කීවත්එය එසේ ගෙන විත් ඇති බවට තොරතුරු නැති බවත්,එය ලංකාවේනිෂ්පාදනය කරන්නට ඇතැයි සැකයක් පවතින බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ තාක්ෂණික ඇගයුම් කමිටුවට මේ ඖෂධය ගැන නිසි දැනුමක් තිබී නැති බවද අනාවරණය වී ඇති බවද ප්‍රකාශ කර ඇති හිටපු අමාත්‍යවරයාටෙන්ඩර් මණ්ඩලයෙන් අනුමත කර මෙම ඖෂධය ලංකාවට ආවේ යැයි කීවත් එය සැක සහිත බව පවසා ඇත.
පසුගිය 19 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ ගැන සෞඛ්‍ය බලධාරීන්ගෙන් ප්‍රශ්ණ කළ විට ඔවුන් එහිදී ලබා දුන් පිළිතුරු මගින් මෙම ඖෂධ වංචාව ගැන තොරතුරු හෙළදරව් වූ බවද ඔහු ප්‍රකාශ කරයි.
තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරණ කාලයේදී මෙම ඖෂධ සමාගම මෙරට තුළ ඖෂධ නිෂ්පාදනයට සහ ඇසුරුම් කිරීම සඳහා නිතර ඉල්ලීම් කෙරුවද ඒ සඳහා අවශ්‍ය කොන්දේසි සපුරාලීමට එම සමාගමට නොහැකි වූ නිසා තමන් ඒ සඳහා අවසරය ලබා නොදුන් බව පවසා ඇති හිටපු අමාත්‍යවරයා මෙවර එම සමාගම ව්‍යාජ ලේඛන සකසා එම ඖෂධය ඉන්දියාවේ නිෂ්පාදනය කළ බවට හඟවා මෙරට නිෂ්පාදනය කරමින් බෙදා හැර ඇති බවක් පෙනෙන්නට ඇතැයිද වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.