උණුසුම් පුවත් උණුසුම් පුවත්

ආණ්ඩුව උපාධි කඩ ගෙන ඒමේ කුමන්ත්‍රණයක නිරත වන බව නුගේගොඩ ඡෙ.පො.අධිකාරී ලිඛිතව තහවුරු කරයි

Spread the love

පොලීසිය වෙතින් රෝහල් වල කාර්ය මණ්ඩලවල සේවාව ලබා ගැනීම සඳහා අනියම් ලෙස බලපෑම් කරන බවට අනාවරණය කෙරෙන ලිපියක් අප වෙත ලැබී තිබේ.මේ ලිපිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත 2023/10/27 දින යොමු කර ඇත්තේ නුගේගොඩ  කොට්ඨාශයේ ඡ්‍යෙෂඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්.ජයමහ වේ.

2023/10/18 වන 12.00 පැයට මිරිහාන පොලිස් වසමේ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් පවත්වන විරෝධතාවක් යම් හෙයකින් විසිරුවා හැරීමට යාමේදී තුවාල ලබන ආරක්ෂක නිළධාරීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහල් සේවකයන් පොරොත්තු ලේඛනයේ තබා ගන්නා ලෙසට මෙම ලිපිය මගින් ඉල්ලා තිබේ.

මෙම ලිපිය මගින් තහවුරු වන්නේ රජයේ රෝහල් වල සේවාව ඉටු කළ යුතු වන්නේ ආරක්ෂක නිළධාරීන්ට පමණක් බව පොලීසිය කල්පනා කරන බවය.

තවදුරටත් මෙම ලිපිය ⁣වෙනත් රාජ්‍ය සේවාවකට සිදු කරන අනියම් බලපෑමක් ලෙසද  සඳහන් කළ හැකිය.

මේ සියල්ලටම වඩා මෙම ලිපිය මගින් නුගේගොඩ කොට්ඨාශයේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්.ජයමහ විසින් ආණ්ඩුව මෙරට නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය සේවාව වනසන කුමන්ත්‍රණයක නිරතව සිටින බව පිළිගෙන තිබේ.

එම ලිපියේ ඒ බව දැක්වෙන්නේ මෙසේය.

“….වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංඟමයේ සභාපති 

ජයනෙත්ත ප්‍රනාන්දු අයගේ මූලිකත්වයෙන් නිදහස් අධ්‍යාපනය,

නිදහස් සෞඛ්‍ය වනසන LYCEUM,NSBM,

GATEWAY,SLIT උපාධි කඩ ගෙන ඒමේ 

ආණ්ඩුවේ කුමන්ත්‍රණයට විරෝධය දක්වමින් විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇති බවට…..”

මෙම කොටසින් ප්‍රකාශ වෙන ආකාරයට ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා විසින්  ආණ්ඩුව උපාධි කඩ ගෙන ඒමේ කුමන්ත්‍රණයක නිරත වෙන බව තහවුරු කර තිබේ.


Spread the love

You may also like