උණුසුම් පුවත් උණුසුම් පුවත්

හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ වැලිකඩට දක්කයි

Spread the love

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය අවස්ථාවේ කහවත්ත පැවැති ප්‍රචාරක රැස්වීමකට පහර දී මනුෂ්‍ය ඝාතනයක් කරන ලදැයි චෝදනා ලද ප්‍රේමලාල්   ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට එවකට කහවත්ත පොලිස් ස්ථානාධිපති වරයා ලෙස කටයුතු කරන ලද පොලිස් පරීක්ෂක ලලිත් රාජමන්ත්‍රී  හට බලපෑම් කරන ලදැයි චෝදනා ලද සබරගමුව හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ හට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් බරපතල වැඩ ඇතුව වසර පහක සිර දඬුවම් නියම කරමින් සිර දඬුවමට අමතරව රුපියල් 20000 ක දඩ මුදලක්ද නියම කර තිබේ.

මෙම ප්‍රචාරක රැස්වීමේදී වෙඩි වැදීමෙන් ශාන්ත දොඩංගොඩ නැමති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයකු මිය ගිය අතර එම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ප්‍රේමලාල් ජයසේකර හට මරණීය දණ්ඩනය නියම විය. මරණීය දණ්ඩනය නියමව

බන්ධනාගාරගතව සිටියදී මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් ඔහු හ⁣ට පාර්ලිමේන්තු සභා රැස්වීම් වලට පවා සහභාගිවීමට වර්තමාන කතානායක වරයා ඉඩ දෙන ලදී.පසුව ඔහු මරණීය දණ්ඩනයෙන් නිදහස් වූ අතර රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා ය⁣ටතේ මේ වන විට නියෝජ්‍ය ඇමතිවරයකු ලෙසද කටයුතු කරමින් සිටී.

ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට එරෙහිව යාපනය සිදුවූ විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ සැක කරුවකු අත් අඩංගුවට නොගෙන රැක වරණය සපයන ලදැයි චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක්ද මේ වන විටත් යාපනය මහාධිකරණයේ විභාග වෙමින් තිබේ.

මොහු දකුණු පලා⁣තේ ඡ්‍ය්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා ලෙස කටයුතු කරන විට පාතාල අපරාධ කරුවන් සමග ගනුදෙනු කරන බවට බොහෝ චෝදනා එල්ල විය.පාතාල ආරවුලකදී වෙඩි තබා ඝාතනය කරන රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ගේ සමීපතම හිතවතකු ලෙස කටයුතු කළ හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ඔහු හා එක්ව හික්කඩුව ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරික වටිනාකමක් ඇති ආරවුල් සහිත ඉඩම් වල අයිතිකරුවන් බය වද්දා එම ඉඩම් තමන් සන්තකයට පවරා ගැනීම කළ බව ඒ දිනවල වාර්තා විය.මෙලෙස මොවුන් විසින් හවුල් අයිතිකරුවන් පලවා හැර බලහත්කාරයෙන් හිමි කර ගත් හික්කඩුව පිහිටි ඉඩමක ලලිත් ජයසිංහ විසින් සංචාරක හෝටලයක්ද ඉඳි කර තිබේ. 


Spread the love

You may also like