Spread the love

⁣⁣

රාවය පුවත්පතේ කර්තෘ මණ්ඩල මාධ්‍යවේදියකු ලෙස හා බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ සිංහල අංශයේ වැඩ සටහන් සම්පාදකයකු ලෙස සේවය කළ නන්දන වීරරත්න විසින් රචිත “බටලන්දට ගිණි තැබුවෙමි” කෘතිය ප්‍රකාශය⁣ට පත් කර තිබේ.මෙම ⁣කෘතියේ 1989 වසරේ මෙරට පැවැති භීෂණ කාලසීමාවේදී කැලණිය  බටලන්ද පිහිටි රජයේ පොහොර  සමාගම⁣⁣⁣ට අයත් නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය මෙලේච්ඡ  වදකාගාරය පිළිබඳව සියලු තතු අනාවරණය කෙරේ.රනිල් වික්‍රමසිංහගේ මෙහෙය වීම හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩග්ලස් පීරිස් විසින් පවත්වාගෙන ගිය මෙම මෙලේච්ඡ වදකාගාරය ගැන ප්‍රථම වරට රාවය පුවත්පත මගින් තොරතුරු අනාවරණය කරන ලද්දේද නන්දන වීරරත්න හා වසන්ත කුලතුංග යන මාධ්‍යවේදීීන් වේ.

මෙහි ඇති එක ඡායාරූපයක දැක්වෙන්නේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩග්ලස් පීරිස් ගේ පුතුන් දෙදෙනා වදකාගාරයේ සිටි තරුණයෙකුට වද දෙන ආකාරයයි.

“බටලන්දට ගිණි තැබුවෙමි” කෘතිය ප්‍රකාශයට පත් කිරීමත් සමගම එය අලෙවිකරන පොත් සමාගම් හමුවට ගිය බුද්ධි සේවාවන් එහි කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්ණ කර ඇත්තේ මෙම කෘතිය මුද්‍රණය කර ඇත්තේ කවර අරමුණකින්ද යන්නය.

⁣⁣මාධ්‍යවේදී නන්දන වීරරත්න ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි ලංකා දවස විශ්වාස කරයි.

එහෙත් ජාතික බුද්ධි සේවාවන්ට අපට නම් කියන්න ඇත්තේ මෙච්චරය.

“…….මේ පොතේ ලියවී තියෙන්නේ දැන් මේ රටේ ජනපතිකම කරන රනිල් වික්‍රමසිංහ ගේ මෙලේච්ඡ සාහසිකත්වයයි.ඔබට ඒ ගැන හිතේ අමාරුවක් දුකක් කණගාටුවක් ඇති වේ නම් ඒ ගැන කරන්නට දෙයක්ද නැත. ඉතිහාසය සාක්ෂි කූඩුවට නැග සත්‍යය හෙළි දරව් කරමින් තිබේ… ටයි කෝට් ඇඳගත් ජනපතිවරයාට ඉතිහාසය බිය වද්දන්ටද නොහැකිය.බිය විය යුතු වන්නේ ඔහුය.බටලන්දට ගිණි ඇවිලීම ඔහු භීතියෙන්⁣ කම්පනයට පත් කරවන්නක් බව අපි දනිමු.මේ ගින්න අවුළුවා ඇත්තේ බටලන්ද වදකාගාරයේ ඇසිඩ් වලවල් වල ගිල්වා අමානුෂික ලෙස මරා දැමූ මිනිස් ආත්මයන් ගේ 

සෝබර විලාපයයි.ගොනුන් පසුපස ඇඳි එන ගැල මෙන් කර්ම විපාකය පැමිණෙන බවට බුදුන් වහන්සේ දේශනා කර තිබේ….දැන් බුද්ධි සේවාවන්ට ඇත්තේ එකම රාජකාරියකි..එනම් මේ බුද්ධ භාෂිතය ගැන ජනපතිවරයා සිහිපත් කිරීම පමණිකි…….”


Spread the love

You may also like