උණුසුම් පුවත් උණුසුම් පුවත්

ඒඇස්පී ළමාහේවාගේ පැටිකිරිය ගැන ලංකා දවසේ පල කළ තොරතුරු තහවුරු වී තිබේ.

Spread the love

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන සිටි නඳුන් චින්තක නොහොත් හරක් කටා එහි බොහෝ නිළධාරීන් සමග සම්බන්ධතා පවත්වා ඇති බවට විමර්ෂන වලදී හෙළි  වී ඇතැයි බොහෝ ජනමාධ්‍ය වාර්තා කර තිබේ.අපට ඒ මාධ්‍ය පිළිබඳව කියන්නට ඇත්තේ අනේ ඔබලා හරි චූටියි කියාය.

ඒ මන්ද යත් නඳුන් චින්තක නොහොත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දුක් ගන්නා රාළ බවට පත් වී සිටින බව අප වාර්තා කරන ලද්දේ ඔහු අත් අඩංගුවට ගෙන මෙරට රැගෙන විත් රැඳවුම් නියෝග ගෙන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ගෙන සතියක් හමාරක් යන විටය.⁣අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන්ගේ බැංකු ණය තුරුස්,උකස්කර බේරා දීමට නඳුන් චින්තක මැදිහත් වූයේ වෙස්සන්තර විදියටය.මොහුට විදේශ දුරකථන ඇමතුමක් ලබා ගැනීමට දුරකථනය දුන් සීඅයිඩී නිළධාරීන් හට එක් ඇමතුමක් සඳහා ලක්ෂ එකහමාරේ සිට ලක්ෂ දෙක දක්වා මුදලක් ගෙවා ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී තිබේ.ඇතැම් නිළධාරීන් මොහුට සුපිරි ආහාර වර්ග ගෙනවිත් දී ඇති බවද මේ වන විට අනාවරණය වී ඇත.

මේ සියළු තොරතුරු පොලිස් විමර්ශන  වලින් දැන ගැනීමට පෙර ලංකා දවස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා පිළිබඳව මීටත් වඩා බරපතල සිදුවීම්  අනාවරණය කරන විට ආණ්ඩුවේ බලධරයන් බොහෝ දෙනකු හා පොලීසියේ ඡ්‍යෙෂ්ඨයන් කීවේ අප අතේ පැලවෙන බොරු පල කරන බවය.පොලිස් ඇමති ටිරාන් අලස් රැස්වීම් වලදී පවා ලංකා දවසට එරෙහිව චෝදනා කරන ලදී.

ලංකා දවසට පොලිස් ඇමති ටිරාන් අලස් සමග පෞද්ගලික ආරෝවක් නැත.ලංකා දවස සිදු කරන්නේ මේ රටේ නීතිය වංචනික කාඩයන් ගෙන් මුදවා ඉහලට ඔසවා තැබීමේ කාර්ය භාරයකි.එහිදී අතරමැදි ගණුදෙනු ලංකා දවසට නැත.පොලිස් ඇමති ටිරාන් අලස් ලංකා දවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එහි ඇතැම් නිළධාරීන් සම්බන්ධයෙන් හෙළි කළ තොරතුරු ගැන විශ්වාසය තැබුවේ නම් හරක් කටාට ඉන් පැන යාමේ සැලසුම් හදන්නට ඉඩක් නැති වන්නට තිබුණි.මේ වන විටත් හරක් කටාට උදව් උපකාර කරන ලදැයි විමර්ශන කෙරෙන්නේ පහල ඇවරියේ සිල්ලර පොලිස් කාරයන්ට එරෙහිවය.එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහ එකාගේ නිය පොත්තේ සිට හිස කෙයා දක්වා සොයා බැලුවේ නම් පොලිස් ඇමති ටිරාන් අලස් ගේ ඇඟේ මයිල් ස්මයිල් වෙන එක ස්ථිරය. නමුත් එහෙම වෙන්නේ ටිරාන් අලස් හැබෑවටම මේ දූෂිතයන් සමග ඇයි හොඳයියක් නැති නම් පමණය.

එහෙමත් නැති නම් මෙරට සිදු වන අපරාධ මර්ධනය⁣ට ටිරාන් අලස්ට යහපත් සැබෑ වුවමනාවක් තිබුණොත් පමණය.

ඒඇස්පී ළමාහේවා ගේ කණෙන් අල්ලා පුක⁣ට පයින් ගසා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් එලවා දැමීම ගැන ලංකා දවසේ ආචාරය ටිරාන් අලස්ට හිමිවේ.එහෙත් හෙට අනිද්දා ටිරාන් අලස්ට මෙන්න කොකා පෙන්නා “අනේ පලයං ඩෝ උඹ කවුද බං මම මාරු කරන්නයැයි “පවසමින් ඒ.ඇස්.පී ළමාහේවා සීඅයිඩී එකේ රාජකාරිය  නැවත බාර ගන්නටත් බොහෝ දුරට ඉඩ කඩ පවතී.මේ වන විටත් ඒඇස්පී ළමාහේවා ගේ සහෝදර පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා පොලිස් ඇමති ටිරාන් අලස්ට එරෙහිව සිය සහෝදරයාගේ  දුක් ගැනවිල්ල රාජපක්ෂ බංගලාවේ ඇත්තන් වෙත පවසා තිබේ.එහෙත් තවම ඉන් තීන්දුවක් ලැබී නැත.ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න වෙතද බැගෑපත් වී ඇති බවට පැවසේ.

හරියටම නිලයට වැදුන දවසක පොලිස් ඇමති ටිරාන් අලස්ට පැදුරු කොට්ට අකුලාගෙන එළියට බහින්නට වෙන්නත් බැරි කමක් නැත.පොදු ජන පෙරමුනේ ජනපතිවරයාට සහයෝගය දක්වන ලන්සා පාර්ශවය ඉන්නේ ටිරාන් අලස් දොරට දමා තමන්ගේ එකෙකු පොලිස් ඇමති තනතුරට දාගන්නටය.⁣ඒ අතරේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ හා ඔහුගේ පුත්‍රයා ඉන්නේ ටිරාන් අලස් සමග ගේම් එකේය.ඒ හරක් කටා වැලිකඩ බන්ධනාගාරය තුළ රිමාන්ඩ් කිරීමේ සැළසුමට ටිරාන් අලස් උදැල්ල දැමූ බැවිනි.

නඳුන් චින්තක නොහොත් හරක් කටා ගේ නාඩගම ඉවර විය හැක්කේ ටිරාන් අලස් ගේ ඇමතිකමටත් තට්ටු වෙලා බවට සිතිය හැකි බුද්ධි තොරතුරු ගනනාවක් අප සතුය.


Spread the love

You may also like