මේ ඉරිදා කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීගයේ අවසන් තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වීමට නියමිත අතර ලංකා බෙටින් ලීගය ලෙස වැඩි දෙනෙක් හඳුන්වන මෙම තරගාවලියේ තෑගි දෙන්නට ජනාධිපති පැමිණීම බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතු වී තිබේ.
ලොව පුරා පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි අතරින් වැඩිම ඔට්ටු හා බුකී සමාගම් අනුග්‍රහය දක්වන තරගාවලිය ලංකා ප්‍රිමියර් ලීගය වේ.
මෙහි කණ්ඩායම් පහේම ප්‍රධාන අනුග්‍රාහකයා බුකි සමාගමකි.
ලංකාවේ නීතිය අනුව ඔට්ටු කරුවන්ට යම් ක්‍රීඩාවකට අනුග්‍රහය දැක්විය නොහැක.
මෙම තරගාවලිය අධීක්ෂණය කිරීම සඳහා අයි.සී.සි යේ දූෂණ මර්ධන අංශයේ ප්‍රධානියාද ලංකාවට පැමිණ තිබේ.
ක්‍රිකට් වලට බනිමින් සිටි නලින් බණ්ඩාර මන්ත්‍රී වරයා ගාලු කණ්ඩායමේ කළමනාකාර අධ්‍යක්ෂ වරයාය.
විගණකාධිපතිගේ වෝහාරික විගණන වාර්තාවෙන් ක්‍රිකට් පරිපාලකයන්ගේ රෙදි ගැලවී තිබේ.
ලබන සතියේ ක්‍රිකට් පිළිබඳව පාර්ලිමේන්තුවේ එක් දින විවාදයකි.
ක්‍රිකට් පරිපාලකයන් ක්‍රීඩා ඇමතිවරයාට නඩු පිට නඩු දමා ඇත.
මේ හේතුවෙන් ක්‍රිකට් බලධාරීන් සමග විරසකව සිටින ක්‍රීඩා,ඇමතිවරයා ලංකා ප්‍රිමියර් ලීගයේ සමාරම්භක උළෙලට කරන ලද ආරාධනය ප්‍රතික්ෂෙප කරමින් එහි නොපැමිණියේය.
එපමණක් නොව ලංකා ප්‍රිමියර් ලීගය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියෙන් තොරව පවත්වන්නක් බවත් ක්‍රීඩකයන් තරග ගාස්තුවලින් රජයට බදු ගෙවා නොමැති බවත් ඇමතිවරයා පැවසීය.