මේ කතන්දරය හරිම සරළයි.කෙටියි.
පහුගිය දවස්වල පොලිස් ඇමති ටිරාන් අලස් අඬ බෙර ගගහ කිව්ව දකුණේ අපරාධ රැල්ලට තිත තියන්න එස්ටීඑෆ් එක දානව කියල.සාමාන්‍යයෙන් අපරාධ මර්ධනයට දැන් පොලීසියෙ කෝකටත් තෛලය වෙලා තියෙන්නෙ එස්ටීඑෆ් එක.හැබැයි දැන් එස්ටීඑෆ් එක කෝවිඩ් කාලෙ එළියට දැම්ම කාලි බාස් පැණිය තරමට හෑල්ලු වෙලා.එස්ටීඑෆ් එක මේ වෙද්දි බලපිටිය අම්බලන්ගොඩ පැත්තෙ යුද්දෙ දවස්වල යාපනයෙ පැත්තෙ තිබුණ මිනිස්සු බිය වද්දන මිල්ටෙරි චිත්‍රයක් අඳිමින් ඉන්නවා.ටී පනස් හය උලුක් කරගෙන එස්ටීඑෆ් සෙබළු හතර පස් දෙනෙක් යතුරු පැදි ෂෝ දාගෙන එහාට මෙහාට යනවා.තවත් සෙබළු පාරෙ තැනින් තැන මාර්ග බාධක දාගෙන ඉන්නවා.ඇත්තටම අපරාධ රැල්ල දැන් යටපත් වෙලා.
ඒත් මේ එස්ටීඑෆ් සීන් එක නිසා නොවෙයි.පාතාලෙ වුන්ට ගමන බිමන අවදානම් නිසා.ඒත් හෙරොයින් ජාවාරම අපූරුවට සිද්ධ වෙනවා.ඒව අල්ලන්න ඉතින් එස්ටීඑෆ් රාළහාමිලාට අංජනම් බලන්න වේවි.
පාතාලයො ගැන බුද්ධි තොරතුරු ඕන තරම් බුද්ධි අංශවල තියෙනවා.එයාල ගැන හරියට මොනිටර් කරා නම් එස්ටීඑෆ් පාරෙ දාගෙන අතිරේක වැය බරක් දරන්න ඕන නැහැ.එහෙම නම් ඉතින් එස්ටීඑෆ් එක සදාකාලිකවම ඔය විදියට පාරෙ දාල ඉන්න ඕන.එස්ටීඑෆ් විඩ්රෝ වුන දවසට මේ පැත්තෙ ආයෙ ගේම් පටන් ගන්නවා.මේ පාතාල මර්ධනයෙදි වැදගත් වෙන්නෙ ලියාපදිංචි අපරාධකාර පාතාලයන්ට වඩා එයාල එක්ක ගණුදෙනු කරන කුඩ්ඩො අපතයො ගැන හොයන එක .මොකද අන්න වුන් තමා ගේම් වලට බස්සන්නෙ.
අපට ලැබිල තියෙන ආරංචි අනුව එස්ටීඑෆ් එකේ සමහරු පාතාලයන්ගෙ කොන්ත්‍රාත් කරනවා.එයාල බෝට්ටු අස්සට වෙලා කන බොන හැටි.නිවාඩු යන කොට මාළු කරෝල ගෙනියන්න යාළු මාළු මුදලාලිලා එක්ක ගණුදෙනු කරන හැටි.ගනුදෙනු කරන හිතවතුන්ගෙ තරහකාර පාතාලයගෙ ගෙදර විතරක් සර්ච් කරන හැටි.අහිංසකයො අල්ලල කුඩු දාල රිමාන්ඩ් කරපු හැටි.දැන් ගාල්ල හිරගෙදරින් අපට ඒ වගේ තොරතුරු ලැබිල තියෙනවා.එහෙම පත්තු වෙච්ච කේස් එකකට මාට්ටු වෙච්ච එස්ටීඑෆ් සැට් එකක් දැන් ගාල්ල හිරගෙදර ඉන්න සැකකාරය ගාව කෙඳිරි ගානවා.වැඩේ ෂේප් කරගන්න.මාර වැඩේ කියන්නෙ එස්ටීඑෆ් එකේ මහත්වරු ෂේප් කරගන්න හිරගෙදර ඉන්න එකාට කෝල් දෙන්නෙ කොස්ගොඩ සුජී.කොහොමද ඒ වැඩේ.සැකකාරය කොස්ගොඩ සුජී ගෙන් කෝටියක් ඉල්ලල තියෙනවා වැඩේ ෂේප් කරන්න ඕන නම්.
අවශ්‍ය නම් ඒ ගැන අදාල සැකකරුගෙන් ගාල්ල හිරගෙදරට ගිහිල්ල කට උත්තර ගන්න පුළුවන් අපි මේ ලියල තියෙන දේ ඇත්තද කියල.ඉස්සරවෙලා ඒ සඳහා අපි සම්බන්ධ කරගන්නකෝ.කෝමත් හෙට අනිද්දට අපි ඒ ගැන පත්තරේ විස්තරේ දාන්නම්කෝ.
සමහර මොළය අතේ තියෙන එස්ටීඑෆ් රාළහාමිලා ජනතාවට අනවශ්‍ය විදියට බලහත්කාරය යොදවල චණ්ඩි පාට් දානවා. ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්ටත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.අපටත් ඒ විස්තරේ ලැබුණා.
ඔහු තමන් මුහුණ පෑ අමිහිරි අත්දැකීම ඔහුගේ පත්තර ඔෆිස් එකේ බෙදා හදා ගෙන තිබුණෙ මේ විදියටයි.
“…මං ගමනක් යන්න පාන්දර පාරට ආවා.ප්‍රධාන පාරෙ ඉඳල මගේ ගෙදරට ගමන් අඩි පනහක් නෑ.පාරෙ ඉඳගෙන බැලුවාම අපේ ගෙදර හොඳට පේනවා.මම දැක්ක පාරෙ මං නැවතිල හිටිය තැනට ආසන්නයෙ එස්ටීඑෆ් ලෑන්ඩ් රෝවර් ජිප් එකක් නතර කරල තියෙනවා.මම ඒ ගැන විශේෂ අවධානයක් යොමු කෙරුවෙත් නෑ.මොකද දැන් ඒක මේ පැත්තෙ සාමාන්‍ය දර්ශනයක් නිසා.මම බස් රථයක් බලාපොරොත්තුවෙන් දැන් පාරට වෙලා ඉන්නවා. ඒ වෙලාවෙ බස් රථ රියදුරෙකුට මම කෝල් එකක් අරගෙන ඇහැව්වා බස් එක කීයටද එන්නෙ කියල.ඔහු කිව්ව මම ඉන්න තැනට බස් එක එන්න තව පැයක් හමාරක් විතර යයි කියල.මම පාරට ආවෙ උදේ හයාමාරට විතර.දැන් ඉතින් මට ආපස්සට ගෙදර යන්නත් බෑ.මං පාරට වෙලාම හිටියා.පැයක් විතර ගියාට පස්සෙ අර මට ටික දුරකින් නවත්වල තිබුණ එස්ටීඑෆ් ජිප් එක මගේ ගාවට ඇවිල්ල නැවැත්තුව.
ඉස්සරහ හිටියෙ සාමාන්‍ය නිළධාරියෙක්.සමහර විට සැරයන් වරයෙක් වෙන්නත් ඇති.ඔහු එක වරම මගෙන් ඇහැව්වෙ කොහෙද තමුන් යන්නෙ කියල.මං ගැස්සුනා.ඒත් මම ඔහුගෙන් ඇහැව්ව ඔබ කොහොමද මං යන තැනක් ගැන අහන්නෙ කියල.ඒ පාර ඔහු ඊළඟ ප්‍රශ්ණය මගෙන් ඇහැව්වා.ඇයි පාරට වෙලා ඉන්නෙ.දැන් ගොඩක් වෙලා මෙතැන හිටියනේ.මට දැන් කේන්තියි.ඒ ප්‍රශ්ණෙ වෙන එකෙක් මගෙන් ඇහැව්වනම් මං උත්තර දෙන්නෙ උගෙ අම්ම අප්ප එක්ක කරන සංසර්ගය මතක් කරල.ඒත් මේ අමු මෝල් ගහකට එස්ටීඑෆ් යුනිෆෝම් අන්දල හන්ද මම ප්‍රවේශම් වුනා.මම ඔහුට පිළිතුරක් දුන්නා මේ විදියට.
මම පාරට ආවෙ ගමනක් යන්න.ඒත් බස්සෙක තව පැයක් හමාරක් ප්‍රමාද වෙනව කියල රියදුරා කිව්වා.මට ආපහු ගෙදර යන්න බෑ .ඉතින් මම පාරෙම ඉන්නවා .මොකද්ද ඒකෙ ප්‍රශ්ණය.දැන් ඇඳිරි නීතියවත් හදිසි නීතියවත් නෑනේ.
ඒ ජිප් රථයෙ හිටිය රියදුරා මගේ දිහා බලාගෙන දත් මිටි කනවා.රවනවා.
විකාර ගොඩයි.රියදුරා නලියන හැටි දැක්කම මට මතක් වුනේ දහ අට සන්නියට එන මහසෝන් සමයම ගැන.
ඒ එක්කම ටී පනස් හයක් අරගෙන ජිප් එකේ පිටිපස්සෙ හිටපු දෙකේ පන්තියෙ වගේ ළදරුවෙක් මගේ පිටිපස්සට ආවා.දැන් මේ වෙන්නෙ හිංසනයක්.මට ඔවුන්ගෙ මිල්ටෙරි බලය අනියමින් පෙන්නල බිය වද්දන්න හදන්නෙ කියල මට වැටහුනා.ඒත් මම පඩේකට ගනන් ගත්තෙ නෑ.
ජිප් එකේ ඉස්සරහ හිටිය කෙනා ඒ පාර කියනව නෑ මහත්තය ගැන ඉතිං සැක හන්ද ප්‍රශ්ණ කෙරුවෙ කියල.
මම ඔහුට ඒ ගැන ආයෙත් පිළිතුරු දුන්නා.
ඔබට තිබුණෙ මගෙන් ජාතික හැදුනුම්පත ඉල්ලගෙන මගේ අනන්‍යතාව ගැන තහවුරු කර ගන්න.ඒත් ඔබ මගෙන් එක පාරටම ඇහැව්වෙ කොහෙද යන්නෙ.ඇයි පාරට වෙලා ඉන්නෙ කියල.පාරෙ ඉන්න තහනම් කරලත් නෑනේ.ඒ වගේම මම යන තැන ඔබට කියන්න අවශ්‍යත් නෑනේ.ඔබ වාචිකව මම හිංසනයට ලක්කරා කියලයි මට හිතෙන්නෙ.දැන් ඔබට තියෙන්නෙ සැකයක් තියේ නම් මම අත් අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන එක….එච්චරයි…”
මම එහෙම කියද්දි ජිප් රථය හෙමීට ඉස්සරහට ගියා.ඇත්තටම මට හිතුනෙ මේ ජිප් රථයෙ හිටියෙ අමු ගොන් වස්සො දෙතුන් දෙනෙක් කියල.
අඩුම ගානෙ එයාලට හිතන්න තිබුණ යම් අපරාධ කාරයෙක් එස්ටීඑෆ් ජිප් රථයක් ආසන්නයේම පැකිලීමක් චකිතයක් නැතුව පැය ගණනක් ඉන්නෙ නැති බව.අනිත් කාරණේ පුරවැසියෙකුට තමන්ගෙ නිවස ආසන්නයෙ පාරෙ රැඳිල ඉන්න කාගෙන්වත් ලයිසම් ගන්න ඕනත් නෑ කියල.අපට ඕන වෙලාවට පාරවල් වල බස් එන්නෙ යන්නෙත් නැති බව වත් අඩුම ගානෙ හිතන්න තිබුණා.
මම මාධ්‍යවේදියෙක් විදියට එස්ටීඑෆ් කමඩාන් ගැන දන්නෙ නීතිය අකුරටම ඉටු කරන පොලිස් නිළධාරියෙක් විදියට.
එස්ටීඑෆ් එක කරන රාජකාරිය අවුල් කරන්න මට අවශ්‍ය නෑ.නමුත් මේ රාජකාරිය කරද්දි මිනිස්සු එක්ක හිනාවෙලා ඒ වැඩේ කෙරුව නම් අතින් පයින් වියදමක් යන්නෙ නෑනේ.නැතුව ඔය යක්කු ,බහිරව ,පිසාච පාට් දැම්මාම කිච වෙන්නෙ සමස්ත ආයතනයම තමා.
ඒත් එස්ටීඑෆ් එකේ සමහරු පාරට බැස්සාම හිතන්නෙ පාරෙ යන හැම එකාම පාතාල පොරවල් කියල.විශේෂයෙන් අර ජිප් රථයෙ රියදුරාට ඒ ගැන කියලම දෙන්න ඕන.ඒ චූටි දරුවා හිතුවෙ රවල නියවල මම බය කරන්න.රැව්වට ගෙරෙව්වට ටී පනස් හයක් උලුක් කරාට බය නැති මිනිස්සු මේ රටේ ඉන්නවා……”
ඒ කතාව එපමනයි.දැන් ඔය ජිප් රථයෙ අංකය මෙතැන නොලිව්වොත් මේ කතාව බොරු අතේ රෝලක් කියල හිතන්න පුළුවන්.ඒත් අපි ඒ අංකය මෙතැන ලියන්නෑ.මොකද මේ ජිප් රථයෙ රාජකාරි හැමදාම රාජකාරි කරන්නෙ ඔය එදා හිටිය මී හරක් රංචුව නොවන නිසා.ඔය ජිප් එකේ රාජකාරි කරන වැදගත් නම්බුකාර මනුස්සකම් දන්න නිළධාරින්ට අගතියක් වෙන්න පුළුවන් එහෙම ලිව්වොත් හෙම.ඒත් එස්ටීඑෆ් එකේ වගකිවයුතු නිළධාරියෙක් ඉල්ලුවොත් අපට ඒ අංකය දෙන්න පුළුවන් .ඒ සිදුවීම සිද්ධ වෙච්ච දවස එක්කම.
අපිමේ ලිපියට මාතෘකාව දැම්මෙ කෝකටත් තෛලය එස්ටීඑෆ් ද කියල.ඇත්තටම ඔය විදියට එස්ටීඑෆ් එක පාරේ රස්තියාදු කෙරෙවිවම පොදු ජනතාවගෙ ඇස්වලට හිතට ඔවුන් සාමාන්‍යකරණය වෙනවා.එතැනදි එස්ටීඑෆ් එකට තියෙන බය පස්සපාත කම හෑල්ලු වෙනවා.කරන්න තියෙන්නෙ එස්ටීඑෆ් එක පාරෙ තියාගෙන ෂෝ පෙන්නන එක නොවෙයි.ලැබිල තියෙන හා ලබා ගන්න බුද්ධි තොරතුරු වලට වැටලීම් කරල නියම ටාගට් එක කවර් කරන එක.