සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලහට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ජනපතිවරයා විසින් සිදු කළ දැනුම් දීම පිළිබඳව පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම හදිසි රැස්වීමක් පවත්වා ඇති බවට වාර්තාවේ.
ජනපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය නොතකා ඉදිරියටත් අමාත්‍ය ධුරයේ රැඳී සිටින ලෙසට පොදුජන පෙරමුණේ ලේකම් සාගල කාරියවසම් මෙහිදී ප්‍රකාශ කර තිබේ.එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජනපතිවරයාගේ පණ කෙන්ද ඇත්තේ පොදුජන පෙරමුණ තුළ බවය.මේ වන විට පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජනපතිවරයා වෙත පක්ෂපාතිත්වය දක්වන කණ්ඩායමේ අදහස වී ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය යන්නය.
මෙම සාකච්ඡාවේදී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් කිසිම විටක සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බවත් ඕනෑම පාර්ශවයකට විපක්ෂය සමග එක්වී ඔවුන් ඉදිරිපත්කර ඇති දොෂාභියෝගය ජයග්‍රහණය කරවා ආණ්ඩුව වැට්ටවීමට ඉඩ ප්‍රස්ථාව ඇති බවත්ය.කවුරුන් කවර ආකාරයේ විවේචන ඉදිරිපත් කළද තමන් දෝෂාභියෝගයට මුහුණ දීමට සූදානම් බවද ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබේ.
මෙම රැස්වීම නියෝජන කළ ඇතැම් මන්ත්‍රීවරුන් නපුසංකයකු ජනපති තනතුරට ගෙන ඒමෙන් තමන් කළ වරද ගැන දැන් පසුතැවිලිවන බව ආවේගශීලීව පවසන ලදැයිද වාර්තා වේ.
මේ වන විට පොදු ජන පෙරමුණෙහි ජනපතිවරයාට පක්ෂපාතිත්වය දක්වන මන්ත්‍රී කණ්ඩායම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක් කර ගැනීම සඳහා ප්‍රයත්න දරමින් සිටී.එහෙත් ආණ්ඩුව මුහුණ පා සිටින දැඩි අර්බුද කාරී වටපිටාව තුළ ජනපතිවරයාට සහයෝගය දක්වා සිය දේශපාලනය විනාශ කර ගැනීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අකමැති බව අනාවරණය වේ.මෙහිදී සජිත් ප්‍රේමදාස ගේ නායකත්වය පිළිබඳව කළකිරීමට පත්ව සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පවා ආණ්ඩුවට එක්වීමට අකමැත්තෙන් සිටින අතර විපක්ෂයේ වෙනත් ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරි දේශපාලන කටයුතු කිරීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටී.
ජනපතිවරයා ගේ ක්‍රියාකළාපය හා ගැටෙමින් සිටින පොදු ජන පෙරමුණ දැන් මුහුණ දී ඇත්තේ සිය දේශපාලනික ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ප්‍රශ්ණයකටය.තවදුරටත් ජනපතිවරයා දරදඬු ආකාරයෙන් කටයුතු කළ හොත් පොදු ජන පෙරමුණද කම් ඕ ගෝ චිකාගෝ දේශපාලනයකට නැඹුරු විය හැකි බව නම් ස්ථිරය.එය එසේ වුව හොත් එම ගැටුමේ අවසානය පාර්ලිමේන්තු මැතිවරණයක් විය හැකිය.
නපුංසකයකු ජනපති කරවීමෙන් තමන් වරද්දා ගත්තා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදී පැවසේ