උණුසුම් පුවත් උණුසුම් පුවත්

කෙහෙළියගේ කෙරුවාවෙන් දේශපාලන ග්‍රහ මාරුවක් සිදුවීමට නියමිතය

Spread the love


අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සෞඛ්‍ය අමාත්‍ය ධු⁣රයෙන් ඉල්ලා අස්වීමට ජනපතිවරයා උපදෙස් දී ඇති බවට වාර්තා වේ.එහෙත් පොදු ජන පෙරමුනේ මන්ත්‍රී කණ්ඩායම කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙසට බලපෑම් කරමින් සිටී.පොදුජන පෙරමුණේ ජෙෂ්ඨයන් කිහිප දෙනෙකුට කැබිනට් අමාත්‍ය ධුර ලබා දෙන ලෙසට පොදු ජන පෙරමුන අවස්ථා කිහිපයකදී ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියද  ඔහු විසින් ඒ සෑම අවස්ථාවකදීම එම ඉල්ලීම් නොසළකා හැරිණි.

මේ නොසළකා හැරීම පිළිබඳව පොදුජන පෙරමුනේ ඡ්‍යෙෂ්ඨයන් අතර ජනපතිවරයා ගේ උද්දච්ච ක්‍රියා කළාපය ගැන කළකිරීමක් පවතී.එම වටපිටාව යටතේ පොදුජන පෙරමුණු රාජපක්ෂ පාර්ශවය නියෝජනය කරන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ අමාත්‍ය ධුරය වෙනස් කිරීමට ජනපතිවරයා කටයුතු කළ හොත් ආණ්ඩුව විශාල දෙදරීමකට ලක් වන බවට පෙනේනට තිබේ.පවතිින අර්බුදය සමනය කිරීමට බැසිල් රාජපක්ෂ මැදිහත් වුවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ⁣ගේ අදහස වී ඇත්තේ අගමැති තනතුරට නැවත මහින්ද  රාජපක්ෂ  පත් කර ජනපති තනතුරද වෙනස් කළ යුතු බවය.එසේ නොමැතිනම් පොදුජන පෙරමුණේ රාජපක්ෂවාදී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට එක් විය යුතු බව ඔහුගේ අදහස වී තිබේ.මේ වන විට පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් සිටි නිමල් ලන්සා මන්ත්‍රීවරයා ජනපතිවරයා⁣ට සහයෝගය දක්වමින් නව දේශපාලන පක්ෂයක් ඇරඹීමේ ක්‍රියාවලියකට මුල පුරා ඇත.

මෙම දේශපාලන පක්ෂයේ ⁣කාර්යාලය බත්තරමුල්ල ප්‍රදේශයේ පසුගියදා විවෘත කෙරිණි.එය විවෘත කරන ලද්දේ හිටපු ජනපති ම්ල්ටෙරි නන්දසේනගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන සුගීිස්වර බණ්ඩාරය.⁣සුගීෂ්වර බණ්ඩාර ජනපතිවරයාගේ පාර්ශවය නියෝජනය කිරීම තුළ රාජපක්ෂ වාදී  පොදුජන පෙරමුනු දේශපාලනය අවුල් සහගත තත්වයට පත් කිරීමට හිටපු ජනපතිවරයා ඉතා සැළසුම් සහගතව කටයුතු කරමින් පවතින බවට අදහසක් මතුවේ.

මෙහිදී පොදුජන පෙරමුණු රාජපක්ෂ වාදීන් හා ජනපතිවරයා අතර ආරවුලක් නිර්මාණය කිරීමට හිටපු ජනපතිවරයා ප්‍රයත්නයක් දරමින් සිටින බව පැහැදිලිය.එහෙත් නිමල් ලන්සා මන්ත්‍රීවරයා ඉලක්ක කරගනිමින් බරපතල දේශපාලනික ප්‍රහාරයක් නුදුරේදීම එල්ල කිරීමට පොදුජන ⁣පෙරමුණේ රාජපක්ෂවාදී දේශපාලඥයන් සැලසුම් කරමින් සිටී.

එහිදී  නිමල් ලන්සා මන්ත්‍රීවරයා සිදු කරන ලද හොරොයින් ජාවාරම් ගැන සඳහන් බුද්ධි තොරතුරු වාර්තා සමාජගත කිරීමට අපේක්ෂිතය.ඒ අතරේම මේ වන විටත් නිමල් ලන්සා මන්ත්‍රීවරයා හා සම්බන්ධ  වී ජනපතිවරයාට සහයෝගය දක්වන කාංචන විජේසේකර,සේමසිංහ වැනි අමාත්‍යවරුන් විසින් සිදු කර ඇති වංචා දූෂණ විවිධ ආකාරයෙන් සමාජයට මුදා හැරීමටද නියමිතය.

ජනපතිවරයා විසින් ඉල්ලා අස්වීමට උපදෙස් දී ඇති කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා සිය දේශපාලනික පෞරෂය ඉහළට ඔසවා ගැනීමේ  ප්‍රචාරාත්මක ක්‍රියාවලියක් ඇරඹීමට මෙරට කුලියට ලියන්නන් සමූහය සඳහා ප්‍රසිද්ධ හෝටලයක සාදයක් පැවැත්වීමට සැළසුම් කරමින් පවතී.මෙම කුලීකාර  ලියන්නන් කණ්ඩායම ලවා ජනපතිවරයාට එරෙහිව අන්තර්ජාලය තුළ යෝද ප්‍රචාරයක් ගෙන යාමට අදහස් කෙරේ.

කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව පැහැදිලිය.ඔහුගේ එම ස්ථාවරය සමඟ  ආණ්ඩුව තුළ යම් අර්බුදයක් නිර්මාණය වුවහොත් පාර්ලිමේන්තුව විසුරවා හැරිය යුතුය යන්න ජනපතිවරයාගේ පාර්ශවයේ අදහස වී තිබේ.


Spread the love

You may also like