උණුසුම් පුවත් උණුසුම් පුවත්

තක්කඩි පාදඩ හරීන් හා මනූෂ යලි අලියා පිටට නගී

Spread the love

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින්  දිගින් දිගටම  අඳොනා ,විලාප හා මරහඬ නැගූ හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන තක්කඩි පාදඩයන් දෙදෙනා පසුව මිල්ටෙරි රාජපක්ෂ පාලනය සමග එක්වූ අතර මේ වන විට ඔවුන් දෙදෙනා  ජනපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට බඳවාගෙන තිබේ.

මේ තක්කඩියන් දෙදෙනා සමගි ජන බලවේගය නියෝජනය කරමින් බොහෝ අවස්ථාවලදී පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරයට මිල්ටෙරි නන්දසේන සහ සොනික් සොනික් යන අනවර්ථ නාමයෙන් හඳුන්වන බුද්ධි අංශ සාමාජිකයකු සම්බන්ධ බවට ඇඟවෙන ආකාරයට ප්‍රකාශ කරන ලදී.

පසුකාලයකදී මොවුන් දෙදෙනා හට මිල්ටෙරි නන්දසේන රාජ්‍ය අමාත්‍ය ධුරයන් ලබා දුන් අතර එම අමාත්‍ය තනතුරට පත්වීමෙන් පසුව මොවුන්  පාස්කු ප්‍රහාරය සමිබන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කිරීමෙන් වැලකී සිටියහ.⁣⁣මේ දෙදෙනා සමගි ජන බල වේගයෙන් මැතිවරණය⁣ට නාම යෝජනා දීම නිසා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහෝසි කර කර තිබුණි.

පසුගියදා (2) රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ තක්කඩි පාදඩයන්ට නැවත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල  සාමාජිකත්වය ලබාදීමට තීරණය කර තිබේ.

මේ වන විට අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කරන ⁣මොවුන් දෙදෙනා ගේ දූෂිත ක්‍රියා කළාපය පොදු ජන පෙරමුණේ බොහෝ මන්ත්‍රීවරුන්ගේ අප්‍රසාදය පල වී තිබේ.අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා හා ඔහුගේ ⁣අනියම් ප්‍රේමවන්තියක් මේ වන විට විදේශ රැකියා අවස්ථාවන් ලබා දීම සඳහා වංචනික ආකාරයෙන් මුදල් ලබා ගන්නා බවට අනාවරණය වී තිබේ. මොහු මෙරට හාම්පුතුන්ගේ සංඟමය හා එක්ව කම්කරු නීති හා අණ පනත් සංශෝධනය කර හාම්පුතුන්ට වාසි දායක ලෙස එම නීති හා අණ පනත් සම්මත කර ගැනීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලකද නිරත වෙමින් සිටී.එහිදී කම්කරු අමාත්‍යංශයේ වර්තමාන ලේකම්වරයාද සම්බන්ධ බව තහවුරු වී තිබෙි.හාම්පුතුන්ගේ සංඟමයේ නීති උපදේශිකාව ලෙස කටයුතු කරන්නේ මේ අමාත්‍යංශ ලේකම්වරයාගේ දියණියයි.මෑතකදී කෝටි ගනනක සුඛෝපභෝගී වාහනයක් අමාත්‍ය මනූෂ නානායක්කර පාදඩයා වෙත ලබා දී ඇත්තේ හාම්පුතුන්ගේ සංඟමයේ දායකත්වයෙන් බවද අනාවරණය වී තිබේ.

මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ලෙස කටයුතු කරන අවධියේ එජාප මන්ත්‍රීවරයකු වූ පාදඩ මනූෂ ආන්ඩු පක්ෂය⁣ට එක් කර ගැනීම

 සඳහා සජින් වාස් ලක්ෂ හැටක් ලබා දුන් බව පැවැසේ.හතර අතේ ණය වී සිටි  මොහු සජින් වාස් හමුවී අයියේ මට බෙල්ල වැල දාගන්න හිතිල තියෙන්නේ යැයි පැවසූ බවත් සජින් වාස් ඉන්පසුව ලක්ෂ හැටක මුදලක් ලබා දුන් බවත් දැන ගැන්මට තිබෙි.  

සංචාරක අමාත්‍ය වරයා ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දු හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන සනත් ජයසූරිය සමග අමාත්‍යංශයේ මුදල් වැය කරමින් විවිධ සුරූපිනියන් සමග අව කෙලියේ නිරතව සිටී.මේ තක්කඩි පාදඩයන් දෙදෙනාට මේ වන විට පාස්කු ප්‍රහාරය පිළිබඳව කිසිදු මතකයක් නැත.පාස්කු ප්‍රහාරයේ කඳුළු හා රුධිරය උකසට තබා සිය බඩජාරී පැවැත්ම තහවුරු කර ගත් මේ තක්කඩි පාදඩයන් දෙදෙනා පොදු ජන පෙරමුණේ නරුම නොසන්ඩාලයන්ටත් වඩා බරපතල දේශපාලනික වෛරසයන්ය. 

මහජනතාව ඡන්දය දීම⁣ට පෙර සිතිය යුතු වන්නේ මෙවැනි දුර්ජන පාදඩ තක්කඩියන් පිළිබඳවය.



Spread the love

You may also like