මෙරට ඉදිරි දේශපාලන නායකත්වය තුළ සිඳු විය හැකි වෙනස්කම් ගැන අනාවැකි කියන්නකු ඔහුගේ අදහසක් අප වෙත එවා තිබේ.ඔහු ප්‍රකාශ කර ඇති ආකාරයට මෙරට ආණ්ඩු බලය හිමි වී ඇත්තේ එක්තරා චක්‍රයකටය.එහිදී බලයට පත්ව ඉතා කෙටි කාළයකදී හදිසි අනතුරකට ලක්වූ රාජ්‍ය නායකයන් ගෙන් පසුව මෙරට බලය හිමි වී ඇත්තේ කාන්තාවකටය.
ඔහු එය උදාහරණ ලෙස දක්වන්නේ මෙලෙසය
බණ්ඩාරනායක මහත්තය වෙඩි තියල මරා දැම්මට පස්සෙ ඉතා කෙටි කාලයක් දහනායක මහත්තය අගමැති වුනා.
ඉන්පස්සෙ මැතිණියට බලය හිමිවුනා. මැතිණිය කිසි දිනක දේශපාලනයට එන්න හිටපු කෙනෙක් නොවෙයි
ඉන්පස්සෙ බලන්න ජනපති ප්‍රේමදාස මහත්තය ඝාතනය වුනාට පස්සෙ ඩී.බී විජේතුංග මහත්තය කෙට් කාලයක් ජනපති වුනා. චන්ද්‍රිකා නෝනා ඉන්පස්සෙ රටේ ජනාධිපතිණිය වුනා
දැන් ඇවිල්ල තියෙන්නෙ ඒ චක්‍රයෙ තුන්වන අවස්ථාව.ගොඨාභය මහත්තයට බලය අත හරින්න වුනා. ඒකත් හදිසි අනතුරකට මුහුන දුන්න වගේ.දැන් කෙටි කාලයකට රනිල් මහත්තය ජනපති වෙලා ඉන්නව
ඔන්න බලන්න පුළුවන් ඊළඟට මේ රටේ කවුද ජනාධිපති වෙන්නෙ කියල.දැන් කව්රු කවුරුත් රැස්වීම් තිබ්බට ජනපතිවරණයේදී කාන්තාවකට තමයි මුල් තැන හම්බවෙන්නෙ.ඒක වලක්වන්න සක්කරයටවත් බැහැ.
ඒ අනාවැකිකරු ලංකා දවසට එවන ලද
මේ අනාවැකිය නිවැරිදි හෝ වැරදි වේද යන්න ගැන අපට අදහසක් නැත.එහෙත්
ඔහු ගේ පෙලගැස්ම දෙවරක් නිවැරිදිය.
දැන් අපට ප්‍රශ්ණය ඇත්තේ මෙරට ඊළඟ ජනපතිනිය වීමට තරමේ ජනතා ආකර්ශණය දිනා ගත් දේශපාලනික කාන්තා චරිතය ගැනය.
දැනට සමාජය දේශපාලනිකව දන්නා හඳුනන කාන්තා චරිත කිහිපයක්ම සිටී.
ඒ කාන්තා දේශපාලන චරිතයකට උඩට ඒමට හැකිවේද යන්න ප්‍රශ්ණයකි.
එහෙත් විද්‍යාත්මකව විග්‍රහ කරන්නට නොහැකි බොහෝ දෑ මේ මහ පොළොවේ සිඳුවේ.ඒ අනාවැකිය සත්‍ය වේදැයි මේ සංක්‍රාන්ති දේශපාලන වටපිටාව පියමන් කළ යුතුමය.