උණුසුම් පුවත් උණුසුම් පුවත්

තරිදු අත්අඩංගුවට ගත් ආකාරය ගැන ආණ්ඩුවේ ලොක්කන් කළකිරීමෙන්

Spread the love

“…පොලීසිය කරන මේ මෝඩ වැඩ නිසා අපට ඇඳුමක් ඇඳගෙන පාර බැහැල යන්න බෑ ගෙවල් වල අයට මූණ දෙන්නත් බෑ….”

මාධ්‍යවේදී තරිඳු  උඩුවරගෙදර පොලීසිය විසින් බලහත්කාරයෙන්  පැහැර යාම පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක එසේ පවසා තිබේ.තරිදු ගේ සිදුවීම පිළිබඳව ජනපති මාධ්‍ය ඒකකයේ ලොක්කා එසේ පවසද්දී එම සිද්ධිය නිසා පොලිස් දෙපාර්තමේන්තුව පවා බරපතල ආකාරයට කම්පනය ⁣වී ඇති බව වාර්තා වෙි.පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත පොලීසිය මෙලෙස බලය අයුතු ලෙස යොදවා ඇති බවය.පොලිස්පති ⁣සී.ඩී.වික්‍රමරත්නද ඒ අදහසේ සිටින බව පැවසේ.

කෙසේ නමුත් මාධ්‍යවේදී තරිඳු උඩුවර බලහත්කාරයෙන් අත් අඩංගුවට ගෙන කෘෘර වද හිංසාවට ලක් කිරීම පිළිබඳව  පොලීසියට එරෙහිව ජනපතිවරයා වෙත කරුණු දැක්වීමට ආණ්ඩුවට හිතවත් සිවිල් සංවිධාන හා සමාජ ක්‍රියාකාරිකයන් ගනනාවක් තීරණයකට එළඹ ඇති බව  වාර්තා වේ.එහිදී මේ කුමන්ත්‍රණකාරී සැළසුම ක්‍රියාත්මක කිරීමට උ⁣පදෙස් දුන් ඡෙනිපො දේශබන්දු සම්බන්ධයෙන්ද විරෝධය දැක්වීමට අදහස් කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.   


Spread the love

You may also like