13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් උතුරු නැගෙනහිරට පමණක් නොව සෑම පලාතකටම ස්වයංපාලනයක් ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහසමඟ ඉදියානු සංචාරයට එක්ව සිටින ජලසම්පාදන අමාත්‍ය ජීවන් තොන්ඩමන පවසයි.
ජීවන් තොන්ඩමන් මහතා පවසන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් රටේ සෑම පලාතකටම ඉඩම් හා පොලිස් බලතල ලැබෙන බවත් ඉන් ඒ ඒ පලාත් ස්වයංපාලනයක් ගොඩ නැගි රට දියුණුවක් කරා යන බවකි. 13 තුන්වන සංශෝධනය ක්‍රියාතමක් කලයුතු ආකාරය පිලිබදව ඉන්දීය අගමැති මෝදි සමඟ සාකච්ඡා කිරීමට තමන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැමිණි බවත්,මෙහිදි පැවසීය.
මේ සංශෝධනය ජනවාර්ගික ගැටලුවට ඉතාම හොදම විසදුම බවත්. එය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ ධුර කාලයේ ඉටු කරන බව ඇමති ජීවන් තොන්ඩමන් වැඩි දුරටත් ඉන්දියාවේ සිට ප්‍රකාශ කර ඇත.