නව පොලිස්පතිවරයා පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව ලබන අඟහරුවාදා(4) රැස්වීමට නියමිත බව වාර්තා වේ.ජනපතිවරයා විසින් මේ වන විට නව පොලිස්පති ධුරය සඳහා නම් තුනක් ව්‍යවස්ථා සභාවට යොමු කර ඇති බවද පැවසේ.එම නම් අතුරෙන් එක නමක් පොලිස්පතිවරයා වශයෙන් තෝරා ගැනීමට ව්‍යවස්ථා දායක සභාව කටයුතු කරනු ඇත.
ව්‍යවස්ථාදායක සභාවේ සභාපති වශයෙන් කතානායකවරයා කටයුතු කරන කෙරේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්,පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් හා ජනපති වරයා විසින් පත් කරන ලද ප්‍රතාප් රාමුනුජම්,වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර,ආචාර්ය වැලිගම විදානාරච්චිලාගේ දිනේෂා සමරරත්න යන අයවළුන් එහි අනෙකුත් සාමාජිකයන් වේ.
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විශ්‍රාම යාමෙන් පසුව පොලිස් දෙපාර්තමේන්තුවේ ඡ්‍යෙෂ්ඨත්වය අනුව පළමුවැන්නා වන්නේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනය. අනතුරුව පිළිවෙලින් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස්.පතිනායක,ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ,ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ,ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පී.පී.එස්.එම් ධර්මරත්න සිටී.
මෙහිදී ඡ්‍යෙෂ්ඨත්වය අනුව නම් තුනක් ජනපතිවරයා විසින් නිර්දේශ කර ව්‍යවස්ථා දායක සභාවට ඉදිරිපත් කර තිබේ නම් එම තිදෙනාම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් වේ.යම් හෙයකින් එම චෝදනා නිසා මෙම නිළධාරින් තිදෙනා පොලිස්පති තනතුරට නුසුදුසු වුව හොත් ඡ්‍යෙෂ්ඨත්වය අනුව ඊට පහළින් සිටින තිදෙනා වන්නේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය,ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පී.එස්.එම්.ධර්මරත්න හා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත වේ.1999 මාර්තු 5 වන දින සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පොලිස් සේවයට එක් වී ඇති මේ නිළධාරීන් තිදෙනා ගෙන් කිසිවෙකුට බරපතල ගණයේ විනය හෝ අපරාධමය චෝදනා මෙතෙක් එල්ල වී නැත.
නව පොලිස්පතිවරයා ලෙස ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කරන ලෙසට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් ජනපතිවරයාට බලපෑම් කළ පසුගිය දිනවල බොහෝ ජනමාධ්‍ය මගින් හෙළි කෙරිණි.පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු ගේ අපේක්ෂාව වන්නේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමටය.
දැන් ආණ්ඩුවට අවශ්‍ය මෙරට සාමය හා නීතිය ආරක්ෂා කරන පොලීසියක් නොවේ.ආණ්ඩුවේ දේශපාලන බලය ආරක්ෂා කරන පොලීසියකි. කතානායක වරයා සභාපති ධුරය දරණ ව්‍යවස්ථා දායක සභාවට පිටතින් පත් කරන ලද සාමාජිකයන්ගේ ඔළු ඇතුලේ ඇත්තේ මොන දේශපාලන පාටදැයි යන්න අපි නොදනිමු.ඒත් ඔවුන් තිදෙනා ව්‍යවස්ථා දායක සභාවට පත් කරන ලද්දේ ජනපති වරයා විසින් බව නම් අපි දනිමු.
ඒ අනුව අපට කැට තියා පවසන්නට හැක්කේ අපරාධමය හා විනය චෝදනා ඇති දේශබන්දු තෙන්නකෝන්ට මෙරට ඊළඟ පොලිස්පතිවරයා වීමට “දේශපාලන පින” ඇති බවය.
ඊළඟ පොලිස්පති තේරීමට ව්‍යවස්ථාදායක සභාව රැස්වේ