උණුසුම් පුවත් උණුසුම් පුවත්

මානව හිමිකම් කොමිෂමේ සභාපතිනි රෝහිණී මාරසිංහ ඉවතට නව සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී.දෙහිදෙණිය පත් කෙරේ

Spread the love

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ සභාපති ධූරයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ

විනිසුරු එල්.ටී.බී.දෙහිදෙණිය පත් කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

දැනට මැතිවරණ කොමිෂමෙි සභාපතිවරයා වන නීතිඥ නිමල් පුංචිහේවාද මානව හිමිකම් කොමිෂමෙි කොමසාරිස් වරයකු ලෙස පත් කර ඇතැයි මෙහිදී වැඩිදුර⁣ටත් දැනගැන්මට තිබේ.

මේ වන විට මානව හිමිකම් කොමිෂමේ සභාපතිණිය ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන රෝහිණී මාරසිංහ.ඇය එහි සභාපතිණිය ලෙස පත් කරන ලද්දේ හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනය.

පසුගිය දිනවල කොමිෂමේ සභාපතිණිය හා ⁣එහි සාමාජික අනෙකුත් කොමසාරිස්වරුන් අතර අර්බුද කාරී තත්ත්වයක් වාර්තා විය.එහිදී මෙම ඇතැම් කොමසාරිස්වරුන් ගේ දූෂිත ක්‍රියා කළාපය පිළිබඳවද මාධ්‍ය මගින් අනාවරණය කරන ලදී.

කෙසේ වෙතත් සභාපතිණිය ලෙස කටයුතු කළ රෝහිණී මාරසිංහ පසුගිය දිනවල මෙරට මානව හිමිකම් කඩවීමි සිඳුවූ අවස්ථා ගණනනාවකදී ඉතා සෘජුවම මැදිහත් වූවාය.එම මැදිහත්වීම පිළිබඳව ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයන් ගේ නොමනාපයටද හේතු විය. 


Spread the love

You may also like