උණුසුම් පුවත් උණුසුම් පුවත් විශේෂාංග

සුබ පොසොන් පොහොය දවසක් වේවා

Spread the love

සමනාමයං මහාරාජ 

ධම්ම රාජස්ස සාවකා

තමේව අනුකම්පාය

ජම්බුදීපා ඉධා ගතා

මිහිදු මහ රහතන්වහන්සේ මෙරටට බෞද්ධ  දර්ශනය ⁣රැගෙන මිහින්තලයට වැඩම කරවා දේවානම්පිය තිස්ස රජු බෞද්ධයකු බවට පත් කරන ලද්දේය.මිහිදු මා හිමියන් රජු හට බණ දේශනා කිරීමට පෙර සංවාදගත වූ බවද සඳහන්ය.

ඒ වන විට මෙරට ජනතාව දෙවියන් යක්ෂයන් හා නාගයින් ඇදහූ බවට ඵෙතිහාසික තොරතුරු වල දැක්වේ.

දේවානම්පියතිස්ස රජු බෞද්ධාගමිකයකු බවට පත් වීමත් සමගම මෙරට සංස්කෘතිමය වශයෙන් නව පරිවර්තනීය යුගයක් ඇරඹුන බව පැහැදිලිය.

එදා රජු හා සංවාදාත්මකව බෞද්ධ දර්ශනයේ රුව ගුණ ගැන පැහැදිලි කර ගෝත්‍රික ආගම් විශ්වාස කළ සමස්ත සමාජයම කණ පිට හරවන්නට මිහිදු මහ රහතන්වහන්සේට බාධාවක් නොවීය.

උන්වහන්සේට එරෙහිව බාධා පමුනවන්නට කිසිවෙකු එදා සමාජයේද  නොවීය.

මිහිදු මා හිමියන් වර්තමානයේ අද වැනි දවසක මෙරටට වැඩම කෙරුවේ නම් හා ඉන් අනතුරුව උන්වහන්සේ මෙරට සමාජය සමග සිය ආගමික මතවාදය දේශනා කරන්නට හෝ සංවාදගත වන්නට සිදු වූයේ නම් යම් යම් අන්ත⁣වාදීන්ගේ පැමිණිලි මත බෞද්ධ පොලීසියේ අත් අඩංගුවට පත්ව වැලිකඩ ලගින්නට සිඳු වන බව නම් නිසැකය.මෙරට දැන් ආගමික බලහත්කාරය ක්‍රියාත්මක වන්නේ එහෙමය.

පොසොන් පොහොය දිනක චින්තන විප්ලවයක් තුළ බෞද්ධ දර්ශනය වැළඳ ගත් සමාජයක් මේ වන විට අනෙකා නොඉවසන වෛරයෙන්  ක්‍රෝධයෙන් හා බලහත්කාරයෙන් සිය මතවාදය අනෙකාට පටවන්නට ප්‍රයත්න දරණ මෙලේච්ඡ ගෝත්‍රික සමාජයක් ⁣බවට පත් වූයේ කෙසේද යන්න  අප මේ පොසොන් පොහොය දින නැවත නැවතත් සිතිය යුතුය.

සුබ පොසොන් පොහොය දවසක් වේවා


Spread the love

You may also like