උණුසුම් පුවත් උණුසුම් පුවත්

දකුණේ ⁣රජයේ කෘෂිකර්ම ගොවිපොළක පීවීසී බට තොගයක් ඇමති මහින්ද අමරවීර විසින් හොරකම් කරලා

Spread the love

දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් රන්න බටපොත පිහිටි රජයේ කෘෂිකර්ම ගොවිපොළෙහි සිටින හරකුන් රැකවල් සහිතව රඳවා සිටීම සඳහා වූ ඉඳිකිරීමකට ගෙන ආ පීවීසී යකඩ බට තොගයක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව අනාවරණය වේ.මෙම පීවීසී බට යොදා ගනිමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා ගේ රන්න නගරයේ  පිහිටි ඉන්ධන පිරවුම්හහළෙහි ආරක්ෂක වැටක් ඉඳිකර ඇති බවද දැන ගැන්මට තිබේ.

ඇමතිවරයාගේ හෙංචයින් කණ්ඩායමක් පැමිණ මෙම පීවීසී බට තොගය පැහැරගෙන ගිය බවට  බටපොත රජයේ කෘෂිකර්ම ගොවිපොළෙහි මුරකරු කට උත්තරයක් පවා දී තිබියදී  මේ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් නොකරන ලෙස දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ අදාල බලධරයන්ට නියෝග කර තිබේ.


Spread the love

You may also like