උණුසුම් පුවත්

හෙට(23 ඉරිදා) සවස බ්‍රිතාන්‍යය පුරා අනතුරු ඇඟවීමක්

Spread the love

එක්සත් රාජධානිය හෙට(23) පස්වරුවේ ඉතිහාසයේ ප්‍රථම වරට මහජන අනතුරු ඇඟවීමේ පද්දතියක් අත්හදා බැලීමට නියමිතව තිබේ. ඒ අනුව ඉරිදා පස්වරු 3.00 ට එක්සත් රාජධානියේ භාවිතා වන සියළුම 4G සහ 5G දුරකථන සහ ටැබ්ලට් පරඝණක සඳහා හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ලැබීමට නියමිත වේ.

අනාගතයේදී ඇතිවිය හැකි ත්‍රස්තවාදී ප්‍රහාරයක්, ගංවතුර, සුලිසුලං වැනි කාලගුණික විපර්යාසයක්, ගින්නක් හෝ පුද්ගලයෙකුගේ ජීවිතයට තර්ජනයක් වියහැකි ඕනෑම ආකාරයක සිදුවීමකදී එම ප්‍රදේශය අවට ජීවත් වන ජනතාවට එම සිදුවීම පිලිබඳව අනතුරු ඇඟවීමට හා එම ප්‍රදේශයෙන් ඉවත්වීමට උපදෙස් ලබාදීම සඳහා බ්‍රිතාන්‍යය රජය මෙම තාක්ෂණය අනාගතයේදී ප්‍රයෝජන ගැනීමට නියමිත වේ. එක්සත් ජනපදය, නෙදර්ලන්තය, ජපානය වැනි රටවල් ‍ රැසක් මේ වන විටත් මෙම අණතුරු ඇඟවීමේ පද්ධතිය භාවිතා කරන අතර එක්සත් රාජධානිය හෙට පළමු වරට මෙම ක්‍රමය අත්හදා බැලීමට නියමිත වේ.

හෙට සිදුකිරීමට නියමිත අනතුරු ඇඟවීමේදී සයිරන් හඬක් සමඟ “මෙය අත්හදා බැලීමේ පරේෂණයකි, ඔබ කිසිවක් කලයුතු නොවේ” යනුවෙන් සියළුම දුරකථන සඳහා පණිවිඩයක් ලැබීමට නියමිත වේ. ජංගම දුරකථන Silent කර තිබුනද මෙම අණතුරු ඇඟවීම දුරකථන වෙත ලැබෙන අතර ඔබ එයට ප්‍රතිචාර දක්වන තුරු ජංගම දුරකථනය භාවිතා කල නොහැකි වනු ඇත. හෙට සිට එක්සත් රාජධානිය පුරා මෙම ක්‍රමය සක්‍රීය වුවද ඔබ සිටින ප්‍රදේශයේ නැවත සැබෑ අණතුරක් වන තුරුම මෙවැනි පණිවිඩයක් ඔබ දුරකථනය වෙත නොලැබෙනු ඇත.

ඔබගේ සහායෝගය නොමතිව ලංකා දවස පුවත්පත පවත්වා ගෙනයා නොහැකිය


Spread the love

Leave a Comment

You may also like