උණුසුම් පුවත්

සෙවල නාකියන්ට අහුවෙන්න එපා …..නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර අයිටිඑන් එපාවී එළියට බසියි

Spread the love

ස්වාධීන රූපවාහිනියේ සේවය කළ ජනප්‍රිය නිවේදිකාවක වන ඉෂාරා දේවේන්ද්‍ර හදිසියේම සිය රැකියාවෙන් ඉවත්ව යමින් තමන් එම රැකියාවෙන් ඉවත් වීමට හේතු වූ කාරණය ඇයගේ මුහුණු පොතෙහි සටහනක් තබමින් පැහැදිලි කර තිබේ.

ඇය තැබූ සටහන මෙලෙසය……
“…..මගේ ආසම රස්සාව මා අත්හැරියා..ආත්ම ගරුත්වය වෙනුවෙන්
මේ කතාව මට කියන්න ඔින වුනේ
2023/03/15 වෙනිදා
නමුත් ඇයි මම නිවුස් කියන්නෙ නැත්තෙ.ඇයි පත්තරේ කරන්නෙ නැත්තෙ කියල අදට ගොඩක් අය අහන නිසා මේ කතාව මම අද කියනවා..
2008 අවුරුද්දෙ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023/03/15 ඒ මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා.ඒ ලොකු කළකිරීමක් දුකක් එක්ක.
මම මගේ රැකියාවට වඩා ඉහළින් මගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්.ගෑණියෙක් තනියම ජීවත්වන පලියට ඒ ගෑනි වේස ගෑණියෙක් වෙන්නෑ කවදාවත්ම.ඒක⁣ නොතේරෙන මහල්ලෝ සමහර මාධ්‍ය ආයතනවල ලොකු පුටු වල ඉන්නවා බොරු හයියක් මවාගෙන.මම ආයතන ගණනාවක සේවය කරල තියෙනවා.
නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ ජීවිතේ ඇරියස් තියෙ මහල්ලෝ.ඒ වගේම ඉහළට යන්න ඕන නම් ඔයා මගේම වෙන්න ඕන කියන වනචරයෝ.මවාගත්ත පෞරෂයක් තියෙන පුස්සෝ.කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන් පිහිටට බලෙන් එන බොස්ලා…..
⁣⁣මම මේ ගැන සාක්ෂි එක්ක ඕඩියෝ වීඩියෝ රෙකෝඩින් එක්ක බලධරයන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම කෙනෙක් ඇක්ෂන් අරගෙන නෑ.මේක මට විතරක් වුන දෙයක් නොවෙයි කියල මුළු ආයතනයම දන්නවා.
ටීවී එකේ මූණ පෙන්නන්න ආසාවෙන් ආපු ජීවිතේ ගොඩ යන්න හිතන් ආපු ගොඩක් ගෑනු ළමයින්ට මේ කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන තැනකට එන්න ඇති.හැබැයි කවුරුත් හඬ නගලා නෑ.කතා කරලා නෑ.මොකද රස්සාව ඕන.එහෙම නැතිනම් ඒ ගෑනු ළමයි මේ මහල්ලන්ට බයයි.ඒ ම⁣හල්ලෝ මීටින් වල ගෑනු වටකරන් ඩබල් මීනින් කතා කියලා කොක් හඬලල හිනාවෙන වෙක විතරයි කරන්නෙ.අසාධාරණය වුන ගෑණු වෙනුවෙන් කතා කරන්න එක ගෑනියෙක්ටවත් හයියක් නෑ.උන් ඔක්කොම යාලුවො කියලා තමයි  කියන්න වෙන්නෙ.
කොහොම වුනත් මේගැන අදටත් කිසිම ඇක්ෂන් එකක් නැති තැන මගේ මානසික සුවය උදෙසාත්,මගේ ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු 15 ක මාධ්‍ය ජීවිතය මේ විදියට අවසන් කරන්නට හිතුවා.
මේක මීඩියා වල විතරක් තියෙන දෙයක් නොවෙයි.මේක මේ රටේ පළමුවන සිදුවීම වත්  අවසන් සිද්ධියවත් නොවෙයි.කවුරු තනතුරු වලට ආවත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනීද කියල තියෙන්නෙ ලොකු සැකයක්.
ඒ නිසා කවදහරි ඔයාගෙ දුව වයිෆ් නංගි අක්කා මේ වගේ සෙවල නාකියන්ට අහුවෙන්න දෙන්න එපා.ම⁣ට වගේම තවත් ගෑනු ළමයින්ට දුන්න මානසික වදය බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ දැනෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දිත් හිටපු බලධාරීන් ගෙන් කරපු එකම ඉල්ලීම.ඒ ඉල්ලීම ඉෂ්ට වෙයි කියල මම අදටත් විශ්වාස කරනවා.
ඉෂාරා දේවේන්ද්‍ර වෙනුවෙන් ආදරය කළාට…..මෙතුවක් කල් මගේ ප්‍රවෘත්ති කියවීමේ කලාවට ආදරය කළාට ඔබට ස්තූතියි.
ඔබගේ සහායෝගය නොමතිව ලංකා දවස පුවත්පත පවත්වා ගෙනයා නොහැකිය .

 


Spread the love

Leave a Comment

You may also like