ආණ්ඩුව නුදුරේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂිත ත්‍රස්ත විරෝධී පනත පිළිබඳව රට තුළ බරපතල විරෝධතාවන් ප්‍රකාශයට පත් වෙමින් තිබෙි.සැබැවින්ම අප මීට පෙර මෙම පනත් කෙටුම්පත සැකසූ නීතිඥ කෙරුම්කාර පීතෘවරයකු ගැන අනාවරණය කෙරුවෙමු. මේ නීති කෙරුම්කාරයා දැන් නීතිඥ සංඟමයේ උප සභාපතිවරයාය.
ඔහු ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්සය.මේ ජනාධිපති නීතිඥ තුමෝ ලේසි පහසු අයෙකු නොවේ.අලි සබ්‍රි සමග මිල්ටෙරි නන්දසේන ගේ නඩුව වලට පෙනී සිටියේද මේ ජනාධිපති නීතිඥ තැනය.අපට දැන ගැන්මට ලැබුණ පරිදි මොහුට ජනාධිපති නීතිඥ වරය හිමි වූයේද මිල්ටෙරි නන්දසේන ගේ කරුණාව නිසාය.ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස රාජපක්ෂ පාර්ශවයට එරෙහිව අධිකරණයේ විභාග වුන නඩු ගනනාවකදී ඔවුන් වෙනුවෙන් පෙනී සිට ඇත.ඒ නඩු අතර ගාමිණි සෙනරත් විත්තිකරුවකු වූ කෝටි පනහේ වංචා නඩුව ටිරාන් අලස් ගේ රාධා වංචා නඩුව ආදිය වෙි.මිල්ටෙරි නන්දසේනට එරෙහිව පැවැති විරෝධතාවන් වලදී අත්අඩංගුවට පත්වූවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද මොහු පෙනී සිට ඇත.එහිදී රනිල් රාජපක්ෂගේ නිවස ගිණි තැබීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් හතරදෙනා ගෙන් පළමු සැකකරු හා හතරවන සැකකරු වෙනුවෙන් පෙනී සිට ඇත්තේද මේ ජනාධිපති නීතිඥ උතුමානන් වහන්සේය.අප මෙහෙම ලියන විට බොහෝ නීතිඥ ලොක්කන්ගේ සිත රිදෙන්නට පුළුවන.එහෙත් අප ලියන්නේ කාගේවත් හිත හොඳ කරන්ටවත් නොවේ.ජනතාවගේ ඇස් වසා ගහන තක්කඩි ගේම් ගැන අපට මහ අපුලක් තිබේ.දැන් නීතිඥ මහත්වරුන් පෝලිමට සිට අපට විත්තිකරුවන් පෙනී සිටීමට ආචාර ධර්ම පද්ධතියක් ඇති බවත් අප සැකකරුවන් වෙනුවෙන් පෙනී හිටින්නේ ඒ ආචාර ධර්ම පද්ධතියට යටත්ව බවත් හඬ ගා කියන්නට පුළුවන.ඔව් ඒක ඇත්තය.අප ඒ නීතිඥ ආචාර ධර්ම පද්ධතිය ප්‍රතික්ශේප නොකරන්නෙමු.නමුත් ඒ නීතිඥ පද්ධතියට වහන් වී අපි හරිම සාධාරණ මිනිස්සුයැයි කියන්නට තටමන ඔය නීතිඥ මහත්වරුන්ට පෙන්වා දෙන්නට අපට හොඳම උදාහරණයක් තිබෙි.ඒ අමාත්‍ය අලි සබ්‍රි ජනාධිපති නීතිඥවරයාය.මොහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි වූයේත් ඉන් නොනැවතී අධිකරණ ඇමති ලෙස පත් වූයේත් මිල්ටෙරි නන්දසේනගේ නඩු වල නීතිඥයා ලෙස පෙනී සිටිය නිසා මිස වෙන කෙහුරක් නිසා නොවේ.මිල්ටෙරි නන්දසේනගේ පුරවැසිබව ප්‍රශ්ණ කරමින් ගාමිණි වියන්ගොඩ හා තේනුවර විසින් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විසි කළ දිනකට පසු මේ අලි සබ්‍රි ජනපති නීතිඥවරයා තම මුහූණු පොතේ පල කරන ලද සටහන අපට තවමත් මතකය.එහි සඳහන් වූයේ…..“..වියන්ගොඩ තේනුවර මේ නිහඬ බව බිඳින්න තව මොනවා හරි කරන්න..”….. යනුවෙනි.උගත් නීතිඥයකු බව පැවසෙන මේ ජනපති නීතිඥවරයා රටේ පුරවැසියන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේ අපහාසයට ලක් කෙරුවේ කවර ගනයේ නීතිඥ ආචාර ධර්ම පද්ධතියට එකඟවද යන්න ඒ දිනවල කිසිකෙනකු ප්‍රශ්ණ කෙරුවේ නැත.අලි සබ්‍රි නීතිඥ වරයකු ලෙස නොව මිලිටෙරි නන්දසේනගේ වහලෙකු ලෙස චිත්ත ප්‍රීතිය දරා ගෙන සිටීමට නොහැකි වූ නිසාම ඒ සටහන මුහුණු පොතේ තැබූ බව පැහැදිලිය.ඔහු තැබූ එම සටහනින් අනාවරණය වෙන තව අදහසක් අපට යෝජනා කරන්නට පුළුවන.ඒ අලි සබ්‍රි උන්නැහේ මිල්ටෙරි නන්දසේන වෙනුවෙන් නඩු වලට පෙනී සිටීමට වඩා එහා ගිය ගනුදෙනුවක් දෙදෙනා අතර පැවතුන බවය. මුදලට මිල්ටෙරි නන්දසේන වෙනුවෙන් පෙනී සිටියේ නම් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මෙලෙස සිය එදිරි පාර්ශවය අපහාසයට ලක් කරමින් උදාන කවි ලියන්නේ නැති බව අපට සහතිකය.නලින්ද ඉන්දතිස්ස ජනපති නීතිඥවරයාද අලි සබ්‍රි නීතිඥ වරයා අතරද අපට කිසිම වෙනසක් නැත.දෙදෙනාම එකම වල්ලේය.ඔවුන් නීතිඥ ආචාර ධර්ම පද්ධතිය උකසට තමා මේ රටේ ජනතාව ගොනාට අන්දමින් සිටින බව අපගේ අදහසයි. මේ තක්කඩි කම් වලට උඩගෙඩි දෙන නීතිඥ උත්තමයන්ට ඒ කෙරුවාවල් සාධාරණීය කරන්නට බොහෝ වචන තිබෙන්නට පුළුවන.ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස රාජපක්ෂවරුන් හා සම්බන්ධ නඩු වලට පෙනී සිටීමද අරගලකරුවන්ගේ අයිතිවාසිකම් වෙනවෙන් පෙනී සිටීම තුළද අපට බරපතල ප්‍රශ්ණ ගනනාවක් මතු කර තිබේ.අරගලය නිසා මෙරටින් පලා ගිය මිල්ටෙරි නන්දසේනට ජනපතිකමෙන් ඉල්ලා අස්වීමට යෝජනා කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් විසින් ප්‍රකාශයට පත් කළ නිවේදනයකටද මේ ජනපති නීතිඥවරයා අත්සන් තබා තිබූ බවද අපට මතකය.අප මේ නීතිඥ උන්නැහේගේ කෙරුවාව සැක කරන්නේ ඔන්න ඔය පසුබිමේ සිටය.අපේ සැක කිරීම හරි වෙරනිල් වික්‍රමසිංහ ගේ නිවස ගිණි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු වෙනුවෙන් නලින්ද ඉන්දතිස්සගේ පෙනී සිටීම නිසාය.රට පුරා ඇතිවූ ගිණි ඇවිලවීම්……ජුලි 9 සිදුවීම හා ඉන් අනතුරුව රට පුරා ඇතිවූ ගිණි ඇවිලවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ සැක සංකා පවතී.මෙම සිදුවීම අහඹු සිදුවීමක් ලෙස සිතන්නට අප සූදානම් නැත.ජුලි 9 වන දිනට පෙර කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා නිවාඩු යවා එහි වැඩ ආවරණය සඳහා පුත්තලම ප්‍රදේශයේ රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයකු කැඳවීමේ සිට ගාලු මුවදොරට පහරදීමත් තෝරාගත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට ගිණි තැබීමත් රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයක් බව අපි දැඩි ලෙස විශ්වාස කරමු.මෙහිදී නිවාස ගිණි ගත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සෑම දෙනාගේම නිවාස ගිණි තබන ලද්දේ ඒ අවශ්‍යතාව සඳහා යොදා ගත් අයවළුන් විසින් නොවන බවද සඳහන් කළ යුතුය.මේ ගිණි තැබීම් අතර අරලිය ගහ මන්දිරය කුමන්ත්‍රණකාරීව සැලසුම් සහගතව සිදු කළ ස්ථාන එකක් හෝ දෙකක් ඇති බවත් එම ආරම්භයත් සමගම සමාජ ආවේගය හා බැඳී අනෙකුත් ස්ථාන වල ගිණි ඇවිලුන බවද අපගේ නිරීක්ෂණයයි.
මහින්ද රාජපක්ෂ ජනපතිකමට……..එම කුමන්ත්‍රණයේ න්‍යාය පත්‍රයේ මුලටම තිබුණේ මිල්ටෙරි නන්දසේන ජනපතිකමෙන් නෙරපා හැරීමය.අනතුරුව මහින්ද රාජපක්ෂ ජනපතිකමට පත් කිරීම ඊළඟ පියවර විය.එහෙත් එය ගැස්සී ගියේය.රනිල් රාජපක්ෂගේ නිවස ගිණි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු වෙනුවෙන් නලින්ද ඉන්දතිස්ස පෙනී සිටියේද මෙම සැකකරුවන් ගැන දැනුවත්ව බව අපට සැකයක් පවතී.එම සැකකරුවන්ගේ පැටිකිරිය හොයා ගන්නට පුළුවන් වුන දවසට ඒ සැකය නැති කර ගන්නට පුළුවන.ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ හඳුනාගැනීමේ පෙරට්ටුවේදීය.මෙරට ජනාධිපති නීතිඥවරයකු නඩුවකට පෙනී සිටින ගාස්තුව දන්නා අපට එම පෙනී සිටීම ගැන කියන්නට ඇත්තේ සෙල්ලන්ද කොල්ලෝ කියාය.නීතිඥ ආචාර ධර්ම වලට එකඟව එසේ පෙනී සිටියා යැයි කවර හෝ නීතිඥ උන්නැහේ කෙනෙක් කියන්නට පුළුවන. හරිය .අපත් ඒ ගැන එකඟ වෙමු.ඊළඟට අපේ ප්‍රශ්ණය මතු වන්නේ විජේදාස රාජපක්ෂගේ අධිකරණ අමාත්‍යංශය වෙතින් පත් කළ කමිටු සාමාජිකයකු විදියට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ජනතාව මෙතෙක් කල් භුක්ති විඳි මානව අයිතිවාසිකම් සියල්ලත් බුල්ඩෝසර් කරන ආකාරයේ ආඥාදායකත්වයකට මග පාදා දෙන පනත් කෙටුම්පතක් සකස් කරන විට තමන් කරන්නේ බරපතල වැරැද්දක් යැයි සිතන්ට තරමේ හෘද සාක්ෂියක් ජනපති නීතිඥ නලින්ද ජයතිස්සට තිබුණේ නැද්ද යන්න ගැනය.අපට නම් සිතන්නේ ඔහු මේ පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ ඔහුගේ හාම්පුතුන් වන රාජපක්ෂවරුන්ගේ මතු ආරක්ෂාව සඳහාය.රාජපක්ෂවරුන්ට එරෙහිවූ සමාජයෙන් හිරිකිතයක් නැතුව පලි ගැනීමටය.ආඥාදායක පනත………විජේදාස රාජපක්ෂගේ “අධිකරණ අමාත්‍යංශය” යනු ඔහුගේ සහ පුත්‍රයාට අයත් සුපිරි වෙළඳ හලයි.පුත්‍රයාගේ නීතිඥ සමාගමට නඩුකාරයන් පවා ලැදිය.මේ අප්පා හා පුතා විසින් සිදු කරන නඩු ජාවාරම ගැන කවුරුත් කටක් අරින්නේ නැත.මෙවැනි ආඥාදායක පනතක් සකස් කර රනිල් රාජපක්ෂගෙන් ලකූණු දාගැනීම විජේදාස රාජපක්ෂ ගේ අවශ්‍යතාවයයි.ඒ අධිකරණ ඇමතිකම තව දුරටත් තහවුරුව පවත්වා ගෙන යාමටය.විජේදාස රාජපක්ෂ තක්කඩියෙක් බව රටට ප්‍රසිද්ධ වූයේ යහපාලන ආණ්ඩුව පැවැති දිනවලදීය.සිංහල බෞද්ධ චීත්තය……ඔහු තම තක්කඩිකම වසා ගෙන ඇත්තේ සිංහල බෞද්ධ චීත්තය පොරවාගෙනය.අමු පට්ට බෞද්ධයකු ලෙස අඟවන මේ තක්කඩියා කරන කියන ඒවා දන්නවා නම් මල්වත්තේ අස්ගිරියේ නායක උන්නාන්සේලා කලන්තෙ දාලා වැටෙනවාය.නලින්ද ඉන්දතිස්ස ජනාධිපති නීතිඥ උන්නැහේත් විජේදාස රාජපක්ෂ උන්නැහේත් හරියට හිට්ලර් ගේ ගොබල්ස් හා අයිච්මාන් වාගේ යැයි අපට සිතේ.දැන් මේ ඩබලගේ සහයෝගයෙන් රනිල් රාජපක්ෂ සූදානමින් සිටින්නේ සමාජය බටලන්දකරණය කිරීමටය.වැඩේ ගොඩ යාදැයි අපි බලා සිටිමු.
බටලන්දකරණයේ යටි පෙල කතාව මෙසේය