උණුසුම් පුවත්

ඊළඟ පොලිස්පති මම යැයි ****බන්දු පවසයි

Spread the love

මීළඟ පොලිස්පතිවරයා වශයෙන් තමා පත් කිරීමට ජනපතිවරයා අනුමැතිය ලබා දී ඇතැයි ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලීසිය ආවරණය කෙරෙන මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මේ වන විටත්  මෙරට බොහෝ මධ්‍යවේදීන් වෙනුවෙන් සුපිරි සාද පවත්වමින් සිටී.අරක්කු වීදුරුවකට කුලියට ලියන්නන් විශාල සංඛ්‍යාවක් දේශබන්දු තෙන්නකෝන් ගේ ගුණ වර්ණනා කරමින් අන්තර්ජාලයේ ලිපි පල කරමින් සිටින බව අපගේ අවධානයට ලක් වී තිබේ.
දේශබන්දු තෙන්නකෝන් ප්‍රසිද්ධ මැහුම් ආයතනයකින් නිල ඇඳුමක් පවා මසා ගෙන ඇතැයි වාර්තා⁣ වේ.
වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මාර්තු 25 දින විශ්‍රාම යාමට නියමිත අතර ඔහුට සේවා දිගුවක් ලබා දෙනවාද නව පොලිස්පතිවරයකු පත් කරනවාද නැද්ද යන්න තුළ දැන් සමාජයේ කතාබහට ලක් වී ඇත.පොලිස්පති වරයා පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රමවේදය වන්නේ ඒ සඳහා සුදුසු පුද්ගලයන්ගේ නම් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කිරීම හා එම සභාව ඒ සදහා සුදුසු පුද්ගලයකු අනුමත කර පත්කිරීමට ජනපතිවරයා වෙත යැවීමය.
දේශබන්දු තෙන්නකෝන් විසින් තමන් ස්ථිරව පොලිස්පති වරයා ලෙස පත්වන බවට ප්‍රකාශ කිරීම තුළ හා ඔහු ස්ථිර වශයෙන් මෙරට පොලිස්පතිවරයා ලෙස පත්වුව හොත්  ව්‍යවස්ථා දායක සභාවේ නපුංශක බව තහවුරු වන බව නිසැකය.⁣
පොලිස් දෙපාර්තමේන්තුවේ සොරුන් ඇල්ලීමට යොදවන සුනඛයන් පවා දේශබන්දු තෙන්නකෝන්ගේ පැටිකිරිය දනී.ඒ තරමට මොහු කාඩයෙකි.පාතාලයන් සමග ගනුදෙනු කර ඇති බවට හා හෙරොයින් ජාවාරම් කරුවන් අතර මොහුගේ පවතින සම්බන්ධතා පිළිබඳව ⁣මෙරට දේශපාලඥයන් බොහෝ දෙනෙකු දැනුවත්ය.
එය එසේ තිබියදී ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන  විරුද්ධ  පක්ෂ දේශපාලඥයන් මේ තක්කඩි ජාවාරම්කාරයාගේ නම නිර්දේශ කිරීමට අත ඔසවන්නේ නම්  මෙම විරුද්ධ පක්ෂ දේශපාලඥයන්ගේ කෙරුවාව ගැන අමුතුවෙන් අටුවා ටිකා ලිවිය යුතු නැත.
ඉන් අපට වටහා ගත හැක්කේ මෙරට දේශපාලනය කෙතරම් පරාධීන පාදඩ තත්වයකට වැටී ඇද්ද යන්න පමණය. 

Spread the love

Leave a Comment

You may also like