උණුසුම් පුවත්

මෙරට මානව හිමිකම් කොමිසමෙි කොමසාරිස්වරුන් දූෂිතයන් බව අනාවරණය කෙරේ

Spread the love

මානව හිමිකම් කොමිෂන් සභාවෙි කොමසාරිස්වරුන් හතරදෙනෙකු විසින් ටිරාන් අලස් අමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවීමට අනුමැතිය ලබා නොදුන් බවට ඇමතිවරයා ගේ හිමිකාරිත්වයේ පවතින මව්බිම පුවත්පතේ පල කර ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මෙරට මානව හිමිකම කොමිසමේ සේවක සංඟමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මානව හිමිකම් කොමිසමේ සේවක සංගමය එම නිවේදනය මගින් කියා ඇත්තේ කොමසාරිස්වරුන් එම ප්‍රකාශ කර ඇත්තේ ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමකින් තොරව අසත්‍ය කරුණු පවසමින් බවත් රට අභ්‍යන්තරයේ සිදුවන ඕනෑම මානව හිමිකම් කඩවීමක් පිළිබඳ සොයා බැලීමට ඒ පිළිබඳව විමර්ශනය කිරීමට රජයට උපදෙස් දීමට ඕනෑම පුද්ගලයකු කැඳවීමට අවශ්‍ය බලතල කොමිසන් සභා පනතේ දක්වා ඇති බවය.
මානව හිමිකම් කොමිසම් පනත පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැතිව මෙම කොමසාරිස්වරුන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් කොමිසමේ ස්වාධීනත්වයට බරපතල හානියක් සිදුවී ඇති බවත් ටිරාන් අලස් ඇමතිවරයා කැඳවීම සම්බන්ධයෙන් එහි කොමසාරිස්වරුන්ට දැනුම් දී ඇති බවත් එසේ දැනුම් දීමක් නොකළ බවට චෝදනා නැගීම කොමිසමේ ස්වාධීනත්වයට ගෞරවයට 
හා පැවැත්මට හානියක් කරන ද්වේශ සහගත ප්‍රකාශයක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මෙම නිවේදනයේ සඳහන් වන ඉතා වැදගත් තොරතුර වන්නේ මානව හිමිකම් කොමිසම් පනත අනුව එහි සාමාජිකයන් පත් කිරීමේදී මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රායෝගික හාු  අනෙකුත් සුදුසුකම් අයගෙන් එය සපුරා ලූ අයගෙන් එය සමන්විත යුතු බව සඳහන් කර ඇතත් මේ ආකාරයට වගකීම් විරහිතව කටයුතු කළ කොමසාරිස්වරුන්ගෙන් ඇතැමෙකුට මූලික සුදුසුකම් නොමැති බවත් සමහරුන් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවන් වී ඇති බවත් සමහරුන් අල්ලස් චෝදනා ලබා ඇති බවත් තවත් සමහරුන් අසත්‍ය අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර වැරදිකරුවන් වී ඇති බවත් යන්නය.
මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වරුන් වන විජිනානායක්කාර,නිමල් කරුණාසිරි,කළුපහනේ පියරතන හිමි හා අනුසුයා ෂන්මුගනාදන් සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර තිබේ.තවදුරටත් එම නිවේදනයේ දැක්වෙන්නේ මෙම කොමසාරිස්වරුන් මෙලෙස කටයුතු කරන්නේ දේශපාලඥයන්ගේ හොඳ හිත දිනා ගෙන නැවත මෙම කොමිසමට පත්වීම සඳහා වූ අරමුනෙන් බවය.
මෙම කොමසාරිස්වරුන්ගේ නුසුදුසු කම් පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.  

Spread the love

Leave a Comment

You may also like