දශක ගනනාවක් තිස්සේ උතුරේ පීඩිත ජනතාවගේ දූ දරුවන්ට ජාතිවාදී බෙදුම්වාදී තක්කඩි දේශපාලුවන් විසින් ජාතිවාදී විෂබීජ පෙවීමේ හේතුවෙන් සිංහල දෙමල වර්ගවාදි 30 වසරක යුද්ධයකට මුල පිරුණි.
1983 කළු ජූලිය හරහා තරගයට ජාතිවාදී ගිණිදැල් ඇවිලවීමේ ප්‍රතිපලයක් ලෙස බිහිවූ වසර 30 ක ශාපලත් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස” බිඳුණු හදවත් යා කිරීමේ “උත්තරීතර අරමුනින්, උතුරේ පීඩිත දෙමාපියන්ගේ දරුවන් සමග දිවි පරදුවට තබා සටන් කර, බෙදී වෙන්වීමට ගිය මාතෘ භූමිය බේරාගත්, දකුණේ පීඩිත දෙමාපියන්ගේ දරුවන් වන,ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ නිලධාරින් ගේ සාභාගිත්වයෙන් ලේ දන් දීමේ මහගු පිංකමක් පැවැත්විය.
යාපනය ශික්ෂණ රෝහලට ,සහ අම්පාර මහ රෝහලට ලේ පරිත්‍යාග කිරීමට,යාපනය නාග නාග විහාරයේ දී අම්පාර මණ්ඩල මහා විහාරයේදීත්,උතුරු දකුනු සහෝදරත්වයේ පාළම ශක්තිමත්ව ගොඩනැගීමට නවම් පුර පසළොස්වක පොහෝ දින පවත් වන ලදි.
ලේ දන් දන්දීමේ මහඟු පුණ්‍ය කර්මයට,රක්ත වර්ණ රුධිරය පරිත්‍යාග කරන ලද ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ නිලධාරීන් මහතුන්ටත්,සිංහල දමිළ මුස්ලිම් සිවිල් පුරවැසියන් ටත්,මේ සඳහා නන් අයුරින් දායකත්වය ලබාදුන්,පහත සඳහන් සියලු දෙනාටමත්,ඒකීය රටක් තුළ,……”එක මවකගේ දරු කැල සේ පෙරටම යමු ලංකා……..”යන ජාතික ගීයට ආදරය කරන දෙස් විදෙස් හි ශ්‍රී ලාංකිකයන්ගේ උත්තමාචාරය අනිවාර්යයෙන්ම හිමිවිය යුතු ය .
මෙම වැඩ සටහන මුලු මනින්ම මෙහෙය වීම හා එම සංකල්පය ඔස්ට්‍රේලියාවේ පදිංචි වෛද්‍ය ඥාණ්සේන විජේසේකරගේ වන අතරම ඔහු විසින් ප්‍රධාන දායකත්වය ද ඉසිලීය. මීට වසර කීපයකට පෙරද මෙවනිම වැඩ සටහනක් ඔහු ශ්‍රි ලංකාවට පැමිණ සිදුකර ඇත.
එසේම පහත නම් සදහන් අයගේ කැපවීම හා සහයෝගය නොවන්නට මේවනි ආකාරයට ලේ දන් දීම සාර්ථක කර ගැනීමට නොහැකි වනු ඇත. එම වැඩ සටහන ඉතාම සාර්ථකව සිදුකොට සිංහල ,දෙමල ,මුස්ලිම් කියා විවිධ පාට පාට ලේ නොව රක්ත වර්ණ ලේ බව සිංහල,දෙමල ,මුස්ලිම් සියල්ලටම දැන් පසක් වී තිබේ .