මිල්ටෙරි නන්දසේන ජයග්‍රහණය කළ 2019 ජනපතිවරණය හා 2020 පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵළ ඉතා නිවැරිදිව මැතිවරණවලට පෙර දේශපාලනිකව විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කළ ප්‍රදීප් ජානක විසින් මෙවර පලාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලැබිය හැකි ඡන්ද ප්‍රතිඵළය ප්‍රකාශයට පත් කර තිබේ.හමිබන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ හතරකින් සමන්විතය.ඒ තංගල්ල,මුල්කිරිගල,බෙලිඅත්ත,හා තිස්සමහරාමය වශයෙනි.මෙම ඡන්ද බල ප්‍රදේශ හතරට ප්‍රාදේශීය සභා 10 ක් නගර සභා 01 ක් හා මහ නගර සභා 01ක් ඇතුළත් වේ.ඉදිරි පලාත් පාලන මැතිවරණයේදී එම පලාත් පාලන ආයතනවල ජයග්‍රහණ පිළිබඳව ප්‍රදීප් ජානක සවිස්තරාත්මකවවිස්තර කර ඇත්තේ පහත දැක්වෙන ආකාරයටය.හම්බන්තොට මහ නගර සභාව /ජය SJBතංගල්ල නගර සභාව /ජය SJBලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව /ජය SJBවීරකැටිය ප්‍රාදේශීය සභාව/ ජය NPPකටුවන ප්‍රාදේශීය සභාව /ජයNPPබෙලිඅත්ත ප්‍රාදේශීය සභාව/ජයNPPතංඟල්ල ප්‍රාදේශීය සභාව/ජයNPPඅඟුනකොළ පැලැස්ස ප්‍රාදේශීය සභාව /ජය NPPඅම්බලන්තොට ප්‍රාදේශීය සභාව /ජය NPPතිස්සමහරාම ප්‍රාදේශීය සභාව /ජයNPPසූරියවැව ප්‍රාදේශීය සභාව /ජය NPPහම්බන්තොට ප්‍රාදේශෘය සභාව /ජයNPPඑම විශ්ලේෂණය අනුව හම්බන්තොටදිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන 12න් 9ක්ම ජාතික ජන බලවේගය (NPP)ජයග්‍රහණය කරන අතර සමස්ත ප්‍රතිශතය සියයට 38කි.සමගිජන බලවේගය (SJB) හම්බන්තොට මහ නගර සභාව ,තංගල්ල නගර සභාව, සහ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව ඇතුළු පලාත් පාලන ආයතන තුනක ජයග්‍රහණ හිමි කර ගැනීමට ඉඩ ඇති බව සඳහන් වේ.එහි ප්‍රතිශතය සියයට 30කි.මෙම පලාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිදු පලාත් පාලන ආයතනයක් එක්සත් ජාතික පක්ෂයට හා පොදු ජන පෙරමුණට ජයග්‍රහණය කිරීමට නොහැකි වන බව ප්‍රදීප් ජානක ගේ විශ්ලේෂණයේ සඳහන්ය.එම පක්ෂ සියයට 14 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබේ.ඔහු සඳහන් කරන ආකාරයට ස්වාධීන කණ්ඩායම් වලට ලබා ගත හැකි ඡන්දප්රතිශතය සියයට 7 ක් බවද මෙහිදී අනෙකුත් පක්ෂවලට කිසිදු පලාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වන බවද එම පක්ෂ වලට ලබා ගත හැකි ඡන්ද ප්‍රතිශතය සියයට 11 ක් බවද දැක්වේ.කෙසේ වෙතත් ඔහුගේ විශ්ලේෂණයට අනුව ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය සියයට 42 සිට සියයට 46 දක්වා ඉහළ යාමට ඉඩ තිබේ.ප්‍රදීප් ජානක 2020 වර්ෂයේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙරට ප්‍රසිද්ධ දේශපාලන පක්ෂ නායකයන් ලබා ගන්නා මනාප සංඛ්‍යාව ගැන නිවැරිදිව විශ්ලේෂණාත්මක තොරතුරු ඉදිරිපත් කරන ලදී.ඔහුගේ එම ඉදිරිපත් කිරීම තුළ මෙරට පවතින දේශපාලනික සමාජ වටපිටාව මනා අවබෝධයකින් යුතුව නිරීක්ෂණය කළ හැකි දක්ෂ විශ්ලේෂයෙක් බව තහවුරු කර තිබේ.ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙවර පලාත් පාලන මැතිවරණ ප්‍රතිඵළය අනාවරණය කර ඇත්තේ අද පුවත්පතිනි.