උණුසුම් පුවත්

නීතිපතියේ ඔලමොට්ටල දිලීප පිරිස් ගෙනාවෙ “ප්‍රජාතන්ත්‍රවාදට” කළු පැල්ලමක්

Spread the love

අද වසන්තගේ නඩුව ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් තවත් කළු පැල්ලමක් ඉතිරි කල දිනයක්.මෙම නඩුව දෙසැම්බර් 12 දින කැදවුම්කරු අවස්ථාවේදී මහේස්ත්‍රාත් තුමිය මතුකළ කරුණු දෙකක් විය.ඒවා නම් මෙම පරීක්ෂණ මෙතරම් මන්දගාමී වන්නෙ කෙසේද? මාස 4 කට අධික කාලයක් වසන්තව රදවා තබා ගෙන සිදුකල පරීක්ෂණවල වාර්තා ඉදිරිපත් කර නොමැත්තේ ඇයිද? යන කරුණු දෙකයි.

ඒ අනුව දූෂිත ත්‍රස්ත විමර්ශන ඒකකයට අද දින ඒ පිලිබදව කරුණු දැක්වීම අනිවාර්ය වී තිබිනි.නමුත් සිදුවන්නේ අනිකකි.බොහෝ අවස්ථාවල සිය සමාජ වගකීම සහ වගවීම පසෙකලා තක්කඩි ආණ්ඩුවල දේශපාලන න්‍යාය පත්‍රය නියෝජනය කරන්නට සිදුව ඇති නීතිපති දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය සොලිසිටර් දිලීප පිරිස් මගින් නැවත වතාවක් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ පාදඩ තීරණ වෙනුවෙන් ලැජ්ජාවකින් තොරව පෙනී සිටීමට සිදුවීමය.

දිලීප පීරිස්  ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් හතර දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ අතේ තබාගෙන සිටියේය.ඔහුගේ කරුණු දැක්වීමේ සංක්ෂිප්තය වූයේ.

” මේ දිවුරුම් ප්‍රකාශ වලට අනුව මහේස්ත්‍රාත් තුමිය මීට මාස 2 කට කලින් නඩුව කැදවන අවස්ථාවේදී ඩෙංගු රෝගය සෑදී දුර්වලව සිටි සිරිධම්ම හිමිගේ සුවදුක් විමසා ඔහුට නිලධාරීන් ඉදිරියේ දීම සස්ටජන් ටිං එකක් ගෙනැල්ලා දීලා තියෙනවා.මේ නඩුව ඒ නිසා වෙන අධිකරණයක් වෙත මාරු කරන්න ඕන.නැත්තම් අපි මේ දිවුරුම් ප්‍රකාශ අධිකරණය සේවා කොමිසමට බාර දෙනවා”

එය අනිවාර්යයෙන්ම තර්ජනයකි.බිය ගැන්වීමකි.අධිකරණයේ ස්වාධීන ප්‍රවේශය ප්‍රණ ඇපයට ගැනීමකි.අනික් අතට රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මර්ධන හස්තය අධිකරණය වෙත එල්ල කිරීමකි.

නීතිපතිවරයා යනු කවරෙක්ද? ඔහු රනිල් රාජපක්ෂගේ පුද්ගලික නීතීඥ නොවේ. මේ රටේ දුක්විඳින මිනිසුන් ගෙවන බදු මුදල් වලින් නඩත්තුවන ජනතාව නියෝජනය කල යුතු ආයතනයක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ස්ථාපනය කර ඇත. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ මේ ප්‍රවේශය අතිශය ලැජ්ජා සහගතය.

මිලියන ගණනක ජනතාවක් සහභාගී වූ දැවැන්ත ජනතා අරගලයේ එක් තැනැත්තකුට පමණක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු පවරන්නේ කෙසේද යන්න තේරුම්ගත නොහැකි ආකාරයේ ඔලමොට්ටල නීතිපති දෙපාර්තමේන්තුවක් මේ වන විට බිහිවී ඇතැයි අපි නොසිතමු.

අනෙක් අතට කරන්නාගොඩ ගත්,ජොන්ස්ටන්ගේ,මහින්දානන්දගේ අධිචෝදනා පත්‍ර,නඩු සිය අභිමතය පරිදි ඉවත් කර ගැනීමට කටයුතු කරන ලද නීතිපතිවරයා තමුන් සතුව අභිමතය දුක්විඳින පෑගෙන මිනිසුන් වෙනුවෙන් භාවිතා කරන ආකාරය සහ බලවත් දේශපාලන චරිත සහ ආණ්ඩුවේ න්‍යාය පත්‍ර වෙනුවෙන් භාවිතා කරන ආකාරය වෙනස මේ සමාජය හොඳින්ම අත්විදිමින් සිටී.

දිලීප පිරිස් වැනි අයට සමාජ වගකීමක් ඇත.ඔහු හිජාබ් හිස්බුල්ලා නඩුවේදී අධිකරණයට පැමිණ කීවේ හිජාස් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කියාය.ඒ ඒ දිනවල ආණ්ඩුවේ න්‍යාය පත්‍රය නියෝජනය කිරීමකි.නමුත් අද හිජාස්ට විරුද්ධව එබදු චෝදනා නැත.ඒ අනුව මේ නිලධාරීන් තේරුම් ගත යුත්තේ වරින්වර වෙනස්වන ආණ්ඩුවල ජනතා විරෝධී අසික්කිත තීරණ වෙනුවෙන් නොව යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවය.ඒ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුකමක් හෝ අභියාචනාධිකරණය විනිසුරු නමක් වැනි සිහින අහිමි විය හැකි මුත් හෘදය සාක්ෂිය නැමැති වටිනාම දේ ඉතිරි වනු ඇත.

ගරු මහේස්ත්‍රාත්තුමිය නඩුවෙන් ඉවත් වූවද පසුගිය දින ඇය දූෂිත පරීක්ෂණ නිලධාරී රත්නායකට ප්‍රකාශ කර සිටියේ හෘදය සාක්ෂියට අනුව රාජකාරි කරන ලෙසය එය නීතිපතිවරයා සහ දිලීප පීරිස් වැනි අයටද ඇසිය යුතු වචන ටිකකි.කුමකින් කුමක් සිදුවුවත් අවසන් යුක්තිය ජයගනු ඇත.වසන්ත තව කොතරම් කාලයක් බන්ධනාගාරගතව සිටීදැයි නොදනිමි.නමුත් ඔහු ඒ තුල සිටින දිනක් දිනක් පාසා ජන අරගලය මෝරනු ඇත.


Spread the love

Leave a Comment

You may also like