හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුමදාස මහනාම හා රාජ්‍ය දැව සංසිථාාව් හිටපු සභාපති පියදාස දිසානායක යන අයවළුන් හට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබා දී තිබූ සිර දඬුවම අද (11)ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කරන ලදී
ඒ ඔවුන් හට ත්‍රිපුද්ගල මහාධිකරණය වෙතින් ලබා දී තිබූ සිරදඬුවමට එරෙහිව කළ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.2018 වර්ෂයේදී කන්තලේ සීනි කම්හලේ යන්ත්‍රෝපකරණ පවරාදීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා ඉන් මිලියන 20 ක් ලබා ගනිද්දී ඔවුන් දෙදෙනා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ නිළධාරිිින් විසින් අත් අඩංගුවට ගැණිනි.එම අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවැති නඩුවේ තීන්දුව අනුව කුසුම්දාස මහනාම යන අයට බරපතල වැඩ සහිතව වසර විස්සක සිර දඬුවමක් හා රුපියල් 65000 ක දඩයකුත් පියදාස දිසානායක හට බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඬුවමක් හා රුපියල් 50000ක දඩයකුත් නියම කරන ලදී.අද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කෙරුණේ එම තීන්දුවයි.යහපාලන රජයේ ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් ගැනීම පිළිබඳව ඒ දිනවල සමාජයේ දැඩි කතා බහට ලක්වූ සිදු වීමක් විය.අල්ලස් කොමිෂම සිද්ධියට අදාල විත්තිකරුවන් අත් අඩංගුවට ගැනීමට පෙර යහපාලන රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ දැනුවත් කර තිබුණි.එහිදී මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ පුත්‍රයාද මෙම අල්ලස් ගණුදෙනුවට සම්බන්ධ බවට අල්ලස් හෝ දූෂණ කොමිෂමට තොරතුරු ලැබී තිබුණ නමුත් ගනුදෙනුව සිදුවන අවස්ථාවේ ඔහු එම ගනුදෙනුව සිඳුවූ කොළඹ ප්‍රධාන හෝටලයේ ලොබියේ සිට විත්තිකරුවන් අත් අඩංගුවට ගන්නා විට එම ස්ථානයෙන් පැන ගොස් ඇත.එම හෝටලයේ සීසීටීවී කැමරා දර්ශන මගින් ඔහු එහි රැඳී සිටිය බවද අනාවරණය විය.යහපාලන රජයේ ජනපති වරයා හා අගමැතිවරයා අතර දැඩි විරසකයක් මතුවීමට හේතු වූ එක් කරුනක් වූයේද මෙම සිදුවීමය.කෙසේ වෙතත් අල්ලස් කොමිෂමේ නිළධාරීන් ජනපතිවරයාගේ ජනපතිවරයාගේ පුත්‍රයා පිළිබඳව වැඩිදුර විමර්ෂණය නොකළ බව පැහැදිලිය.ඇතැම්විට ඒ අගමැතිවරයාගේ උපදෙසින් විය හැකි බව සැක කළ හැකිය.එසේ නැති නම් මෙම අල්ලස් ගැනීම සිදු කළ හෝටලයේ ලොබියේ සීසීටීවී කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමටත් විත්තිකරුවන් දෙදෙනා හා ජනපති සිරිසේනගේ පුත්‍රයා අතර දුරකථන සම්බන්ධතා පිළිබඳව ජාල විමර්ෂණයක් කිරීමටද අල්ලස් කොමිෂමට බොහෝ ඉඩ ප්‍රස්ථාව හා හැකියාව පැවතුණි.එහෙත් ඒ සියළු අවස්ථාවන් අල්ලස් කොමිෂම මග හැර ඇති බව ඉතා හොඳින් පැහැදිලි වේ.අල්ලස් කොමිෂම ලැබුණ දඩයමෙන් සෑහීමට පත්ව අවශ්‍යම දඩයම ඕනෑ කමින්ම මග හැර ගොස් අපට ව්ශ්වාසය.
හිටං සිරාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් ගත් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
