එහිදී මැතිවරණ කොමිෂන් සභාව දිස්ත්‍රික් ලේකම් වරුන් වෙත ලිඛිතව දන්වා ඇත්තේ ඒ ඒ දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතනයන්ට අදාලව ලියාපදිංචි දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කරන්නේ නම් එම මුදල් බාර ගැනීමට කටයුතු කරන ලෙසය.මෙය පලාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතේ 4(1) වගන්තියෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බවද එම ලිපියේ සඳහන් කර තිබේ.මැතිවරණ කොමිෂමේ මෙම උපදේශයත් සමග රාජ්‍ය පරිපාලන ලේකම්වරයා තමන් යැවූ නියෝගය ආපසු කැඳවා ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
පලාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් බාර දීමෙි කටයුතු ඉතා උද්යෝගයෙන් සිදු කරන ලද්දේ පොදුජන පෙරමුණෙහි නායකයන්ය.අනෙකුත් පක්ෂ වලට පෙර පොදුජන පෙරමුණේ නායකයන් පලාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය සිය පක්ෂය සතු බවට මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් තිබුණි.පොදුජන පෙරමුණේ උද්යෝගය ඉතා සැක සංකා සහිතය.
ඒ අතරේ පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර සන්ධාන ගත වීමක් පිළිබඳව අද (10)තහවුරු කෙරිණි.මේ සඳහා මෙම පක්ෂ දෙක අතර සාකච්ඡා පවත්වා වන ලද්දේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.මීට පෙර පින් ජනපති රනිල් රාජපක්ෂ නිවේදනය කර තිබුණේ තමන් පලාත් පාලන මැතිවරණය හා සම්බන්ධ දේශපාලනික මැදිහත් වීමක් නොකර ස්වාධීනව කටයුතු කරන බවය.
එහෙත් අද (10) ජනපති ලේකම් කාර්යාලයේදී පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර පැවැති සාකච්ඡා වලින් තහවුරු වන්නේ ඉදිරි පලාත් පාලන මැතිවරණ කටයුතු සම්බන්ධව පින් ජනපතිවරයාගේ මැදිහත්වීම ගැන ඉඟියකි.
අද (10) දින රජයේ ප්‍රවෘත්ති සාකච්ඡා වේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරන ලද්දේ මහා භාණ්ඩාගාරය මේ වන විට බරපතල මුල්‍යමය අර්බුදයකට මුහුණ පා ඇති බව ජනපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බවය.
දැන් අපට සිද්ධ වෙමින් පවතින තක්කඩි ගේම පැහැදිලිය.පලාත් පාලන මැතිවරණයේ ඉරණම හා සෘජුව බැඳී පවතින්නේ ජනපතිවරයා විසින් අනාවරණය කර ඇති ඉහත ප්‍රකාශයයි.
ආණ්ඩුව පලාත් පාලන මැතිවරණ පිළිබඳව මුල සිට ක්‍රියා කරන ලද්දේ බල්ලෙකු නෑවීමට ගෙන යන ආකාරයටය.කෙසේ හෝ නාම යෝජනා බාර ගැනීමට ප්‍රථමයෙන් එය වලක්වා ගැනීමට ආණ්ඩුව බලවත් වෙහෙසක් ගත්තේ මැතිවරණ කොමිෂම පිළිබඳව විවිධ අසත්‍ය ප්‍රකාශ කරමිනි.මෙම ප්‍රකාශයන් නිකුත් වූයේ පින් ජනපති වරයාගේ ඔඩොක්කු කුක්කන් වෙතිනි.
මේ වන විට පලාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමත් නාම යෝජනා බාර ගැනීමත් පිළිබඳව දින කාල වකවානු මැතිවරණ කොමිෂම මගින් නිවේදනය කර අවසානය.
අප ඉහතදී සඳහන් කළ ආකාරයට පලාත් පාලන මැතිවරණය ගැන පොදු ජන පෙරමුණේ නායකයන්ගේ සැක සහිත උද්යෝගය හා ඔවුන් මාධ්‍ය වෙත කරමින් සිට්න ජයග්‍රාහී පුරාජේරු ප්‍රකාශ ගැන අපගේ අවධානය යොමු කරන විට ඉදිරියේදී සිදු විය හැකි දෙය ගැන අපට ස්ථිර වශයෙන්ම පැහැදිලිය.
නාමයෝජනා පත්‍ර බාර ගැනීමෙන් පසුව ආණ්ඩුව මැතිවරණ පනතේ 38 වන වගන්තිය හා බැඳි 3 වන අනු වගන්තියේ තුරුම්බුව පිටියට දැමීමට සැළසුම් කර ඇති බව අපට විශ්වාසය.
ඒ රට තුළ යම් අර්බුදයක් පවතින බවට ප්‍රකාශ කොට පලාත් පාලන මැතිවරණය කල් දැමීමය.මේ තුරුම්බුව ආණ්ඩුව පිටියට දැමීමට සැළසුම් කර ඇති බව සිඳු වෙමින් පවතින කරුණු කාරණා වලින් අපට ස්ථිරය.
ආණ්ඩුවෙන් බළලා මල්ලෙන් එළියට පැන්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද සිඳු කළ ප්‍රකාශයෙනි. මහා භාණ්ඩාගාරය දැඩ් මුල්‍ය අර්බුදයකට මුහුණ පා ඇතැයි ජනපතිවරයා ප්‍රකාශ කළ බවට ඔහු විසින් මාධ්‍ය දැනුවත් කරන ලද්දේ ඒ නිසාය.
නාමයෝජනා බාර ගැනීමෙන් පසුව ආණ්ඩුව දැඩි මුල්‍ය අර්බුදයක් පවතින බවට නිවේදනය කරමින් මැතිවරණ කොමිෂම ඡන්දය දින නියමයක් නොමැතිව කල් දමන බව නිසැකය.
ආණ්ඩුව සියළු නාඩගම් නටන්නේ ඒ සඳහාය.පලාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දීමෙන් පසුව මැතිවරණය කල් දැමීමට කටයුතු කළ හොත් ඉන් දැඩි අර්බුදයට පත්වන්නේ මැතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් වී ඇති රාජ්‍ය සේවකයන්ය.ඔවුන්ට මැතිවරණය පවත්වා අවසන් වන තුරු වැටුප් හිමිකමක් නැති වීම එයට හේතුවයි.
කෙසේ වෙතත් ආණ්ඩුව පලාත් පාලන මැතිවරණය කල් දැමීම කළ හොත් මාර්තු මාසය වන විට ජනතාව නැවත නොසන්සුන් වන බව නම් කිව හැකිය.එම වටපිටාව ආණ්ඩුවේ කෙරුම්කාරයන්ට දැඩි අවදානම් හා අනතුරු සහිත විශාල බලපෑමක් සහිත ක්‍රියාවලියක් වනු ඇත. එහිදී පොලීසිය හා හමුදාව පවා ආණ්ඩුව ආරක්ෂා කිරීමෙන් ඉවත්විය හැකි තරමට යටි බිම් ගත පීඩනය බරපතල ආකාරයෙන් වර්ධනය වෙමින් පවතින බව කිව යුතුය.